AFC Banner
Empty Ad
Empty Ad

මී කඩන්න ගිය දෙදෙනෙකුට මිනිස් සිරුරක කොටස් හමුවෙයි

කරුවලගස්වැව මී ඔය ආසන්න වනයේ මී වද කැඩීමට ගිය පුද්ගලයන් දෙදෙනෙකුට මිනිස් අස්ථි කොටස් කිහිපයක් හමුවී තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් ලැබුණු තොරතුරකට අනුව පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි කරුවලගස්වැව පොලිසිය සඳහන් කළේ.

මිනිස් සිරුරේ කොටස් අසල ඇඳුම් කිපයක්, පාවහන් යුගළක්, පිහියක් සහ ලණුවක් ද හමුවී තිබෙනවා.

මී ඔය ආසන්නයේ මී කැඩීමට ගිය දෙදෙනෙකු යළි නිවෙස් වෙත ගමන් කරමින් සිටියදී මෙම මෙම මිනිස් හිස් කබල සහ අස්ථි කොටස් දැක බියට පත්ව පොලිසියට පැමිණිලි කර තිබුණා.

පොලිස් පරික්ෂණවලදී අනාවරණ කර ගෙන ඇත්තේ කිසියම් පුද්ගලයෙකු ඒ ආසන්නයේ ගසක ගෙළ වැළලාගෙන සිය දිවි නසාගෙන ඇති බවටයි.

මෙම මරණය මීට මාස කිපයකට පෙර සිදුව ඇති බව ද මූලික විමර්ශනවලදී හෙළිවී තිබෙනවා.

මී ඔයේ සිටින කබරයන්, කිඹුලන් ඇතුළු සතුන් කා දැමීම සහ සිරුරු කොටස් රැගෙන යාම හේතුවෙන් හිස් කබල සහ අස්ථි කොටස් කිහිපයක් පමණක් මෙම ස්ථානයේ ඉතිරි වන්නට ඇති බවටයි පොලිසිය සැක කරන්නේ.

මෙලෙස හමුවු සිරුරු කොටස් හිමි පුද්ගලයා කවුරුන්ද යන්න මෙතෙක් අනාවරණ කරගෙන නැහැ.

මහේස්ත්‍රාත් පරික්ෂණ සිදු කිරීමට නියමිතව තිබූ අතර පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
2
+1
9
+1
4
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?