මී කඩන්න ගිය දෙදෙනෙකුට මිනිස් සිරුරක කොටස් හමුවෙයි

කරුවලගස්වැව මී ඔය ආසන්න වනයේ මී වද කැඩීමට ගිය පුද්ගලයන් දෙදෙනෙකුට මිනිස් අස්ථි කොටස් කිහිපයක් හමුවී තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් ලැබුණු තොරතුරකට අනුව පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි කරුවලගස්වැව පොලිසිය සඳහන් කළේ.

මිනිස් සිරුරේ කොටස් අසල ඇඳුම් කිපයක්, පාවහන් යුගළක්, පිහියක් සහ ලණුවක් ද හමුවී තිබෙනවා.

මී ඔය ආසන්නයේ මී කැඩීමට ගිය දෙදෙනෙකු යළි නිවෙස් වෙත ගමන් කරමින් සිටියදී මෙම මෙම මිනිස් හිස් කබල සහ අස්ථි කොටස් දැක බියට පත්ව පොලිසියට පැමිණිලි කර තිබුණා.

පොලිස් පරික්ෂණවලදී අනාවරණ කර ගෙන ඇත්තේ කිසියම් පුද්ගලයෙකු ඒ ආසන්නයේ ගසක ගෙළ වැළලාගෙන සිය දිවි නසාගෙන ඇති බවටයි.

මෙම මරණය මීට මාස කිපයකට පෙර සිදුව ඇති බව ද මූලික විමර්ශනවලදී හෙළිවී තිබෙනවා.

මී ඔයේ සිටින කබරයන්, කිඹුලන් ඇතුළු සතුන් කා දැමීම සහ සිරුරු කොටස් රැගෙන යාම හේතුවෙන් හිස් කබල සහ අස්ථි කොටස් කිහිපයක් පමණක් මෙම ස්ථානයේ ඉතිරි වන්නට ඇති බවටයි පොලිසිය සැක කරන්නේ.

මෙලෙස හමුවු සිරුරු කොටස් හිමි පුද්ගලයා කවුරුන්ද යන්න මෙතෙක් අනාවරණ කරගෙන නැහැ.

මහේස්ත්‍රාත් පරික්ෂණ සිදු කිරීමට නියමිතව තිබූ අතර පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47
Video thumbnail
බිහිසුණු දුම්‍ රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත රණවිරුවෙකුගේ මව්පියන්ට යුද්ධ හමුදාධිපතිගෙන් උපහාර
02:03
Video thumbnail
සුරේෂ් සලේ ගැන කිසි සාක්ෂියක් නෑ..ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක්..ශානිගේ තනි තීන්දුවෙන් සලේ ඇතුළට දැම්මේ ?
17:38
Video thumbnail
මීට සුළු මොහොතක බිහිසුණු දුම්‍රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:48