AFC Banner
Empty Ad
Empty Ad

මීගමුවේ ස්පා කතුන් 2කට ඒඩ්ස් – ස්පා 53ක් වැසෙයි (වීඩියෝ)

මීගමුව ප්‍රදේශය ආශ්‍රිතව සම්භාහන මධ්‍යස්ථාන මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසවල සේවයේ නිරත වූ කාන්තාවන් දෙදෙනෙකුට HIV ආසාදනය වී ඇති බවට වෛද්‍ය පරීක්ෂණයකදී අනාවරණය වී තිබෙන බව අද (27) දින පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තලදූව කියා සිටියා.

ඒ අනුව කරන ලද වැටලීමේ දී සම්භාහන මධ්‍යස්ථාන 53ක් වසා දැමීමට කටයුතු කර ඇති අතර ඒවායේ සේවයේ නිරතව සිටි කාන්තාවන් 137ක් අත්අඩංගුවට ගෙන තිබෙ බවත් ඔහු සඳහන් කළා.

ඉකුත් දිනවල මෙම වැටලීම් මීගමුව, කොච්චිකඩේ සහ සීදූව යන පොලිස් වසම්වල සිදු කර ඇති අතර, එහි දී මෙම පිරිස අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අනුව අත්අඩංගුවට ගත් පිරිස, ගණිකා නිවාස පවත්වාගෙන යාම, ගණිකාවන් ලෙස පුද්ගලයින් සේවයේ යෙදවීම, ඒවායේ රැඳී සිටීම, එම ස්ථානය කළමනාකරණය කිරීම යන චෝදනා යටතේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මේ අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර සිටියේ, එම සැකකරුවන් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව වෛද්‍ය පරීක්ෂණ සඳහා ඉදිරිපත් කරනු ලැබූ බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
4
+1
31
+1
6
+1
8
+1
1
+1
15
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?