මීගමුවේ ස්පා කතුන් 2කට ඒඩ්ස් – ස්පා 53ක් වැසෙයි (වීඩියෝ)

මීගමුව ප්‍රදේශය ආශ්‍රිතව සම්භාහන මධ්‍යස්ථාන මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසවල සේවයේ නිරත වූ කාන්තාවන් දෙදෙනෙකුට HIV ආසාදනය වී ඇති බවට වෛද්‍ය පරීක්ෂණයකදී අනාවරණය වී තිබෙන බව අද (27) දින පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තලදූව කියා සිටියා.

ඒ අනුව කරන ලද වැටලීමේ දී සම්භාහන මධ්‍යස්ථාන 53ක් වසා දැමීමට කටයුතු කර ඇති අතර ඒවායේ සේවයේ නිරතව සිටි කාන්තාවන් 137ක් අත්අඩංගුවට ගෙන තිබෙ බවත් ඔහු සඳහන් කළා.

ඉකුත් දිනවල මෙම වැටලීම් මීගමුව, කොච්චිකඩේ සහ සීදූව යන පොලිස් වසම්වල සිදු කර ඇති අතර, එහි දී මෙම පිරිස අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අනුව අත්අඩංගුවට ගත් පිරිස, ගණිකා නිවාස පවත්වාගෙන යාම, ගණිකාවන් ලෙස පුද්ගලයින් සේවයේ යෙදවීම, ඒවායේ රැඳී සිටීම, එම ස්ථානය කළමනාකරණය කිරීම යන චෝදනා යටතේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මේ අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර සිටියේ, එම සැකකරුවන් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව වෛද්‍ය පරීක්ෂණ සඳහා ඉදිරිපත් කරනු ලැබූ බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14