AFC Banner
AFC Banner
Empty Ad

මිලියන 41 කට අධික වටිනාකමින් යුත් කේරළ ගංජා තොගයක් නාවික හමුදා භාරයට

යාපනය, මාදගල් වෙරළ ප්‍රදේශයේ ඊයේ රාත්‍රියේ සිදුකළ විශේෂ මෙහෙයුමකදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 126 කට අධික තොගයක් නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

මෙම විශේෂ පාමුර සංචාරයේ දී එම වෙරළ තීරයේ තිබූ සැකකටයුතු උර 04ක් නිරීක්‍ෂණය කර පරීක්‍ෂාවට ලක් කරනු ලැබුවා.

එහිදී, එම උර 04හි පාර්සල් 55ක අසුරා තිබූ කේරළ ගංජා කිලෝ 126 ග්‍රෑම් 800ක තොගයකුයි මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කර ඇත්තේ.

‍නාවික හමුදාව විසින් වෙරළ කලාපයේ සිදුකරන සෝදිසි මෙහෙයුම් හේතුවෙන් ජාවාරම්කරුවන් විසින් වෙරළ තීරයේ අතහැර දමා යන්නට ඇතැයි සැකකෙරෙන මෙම කේරළ ගංජා තොගයේ දළ වටිනාකම රුපියල් මිලියන 41 කට අධික වෙතැයි විශ්වාස කෙරෙනවා.

නාවික හමුදාව භාරයට ගත් මෙම කේරළ ගංජා ‍‍තොගය, ඉදිරි නිතීමය කටයුතු සඳහා ඉදිරිපත් කරන තෙක් නාවික හමුදා භාරයේ තබා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?