මිලියන 41 කට අධික වටිනාකමින් යුත් කේරළ ගංජා තොගයක් නාවික හමුදා භාරයට

යාපනය, මාදගල් වෙරළ ප්‍රදේශයේ ඊයේ රාත්‍රියේ සිදුකළ විශේෂ මෙහෙයුමකදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 126 කට අධික තොගයක් නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

මෙම විශේෂ පාමුර සංචාරයේ දී එම වෙරළ තීරයේ තිබූ සැකකටයුතු උර 04ක් නිරීක්‍ෂණය කර පරීක්‍ෂාවට ලක් කරනු ලැබුවා.

එහිදී, එම උර 04හි පාර්සල් 55ක අසුරා තිබූ කේරළ ගංජා කිලෝ 126 ග්‍රෑම් 800ක තොගයකුයි මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කර ඇත්තේ.

‍නාවික හමුදාව විසින් වෙරළ කලාපයේ සිදුකරන සෝදිසි මෙහෙයුම් හේතුවෙන් ජාවාරම්කරුවන් විසින් වෙරළ තීරයේ අතහැර දමා යන්නට ඇතැයි සැකකෙරෙන මෙම කේරළ ගංජා තොගයේ දළ වටිනාකම රුපියල් මිලියන 41 කට අධික වෙතැයි විශ්වාස කෙරෙනවා.

නාවික හමුදාව භාරයට ගත් මෙම කේරළ ගංජා ‍‍තොගය, ඉදිරි නිතීමය කටයුතු සඳහා ඉදිරිපත් කරන තෙක් නාවික හමුදා භාරයේ තබා තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව උණුසුම් කළ ප්‍රශ්නය
09:19
Video thumbnail
රුමේෂ්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් රජය මැදිහත් වෙන්න සැරසෙයි - අපේ රටට ලොකු සම්පතක්
01:26
Video thumbnail
ඖෂධ හිඟය ගැන ඇමති නලින්ද පිළිතුරු දෙයි - ඔබ දැන් කියන්න කොහෙද ප්‍රශ්නය තියෙන්නේ කියලා ?
04:12
Video thumbnail
අධිකරණය දුන් රහසිගත තීන්දුව ජනාධිපතිවරයා දන්නේ කොහොමද..?
07:08
Video thumbnail
මේ ආණ්ඩුවට වඩා හොඳ කට්ටියක් සජබයේ ඉන්නවා
01:27
Video thumbnail
හැටන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක් දෙයි - අස්සක් මුල්ලක් නෑරම පිරිසිදු කරයි
01:13
Video thumbnail
වස්කඩුවේදී පෞද්ගලික බස් රථයක් - ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක් - ත්‍රීවිල් රියදුරුට බරපතළයි
01:02
Video thumbnail
මේ ආණ්ඩුවත් ව්‍යාපාරිකයින්ට යටවෙලාද ?නිදහසේ කරපු අපේ රැකියාව අද නැතිවෙන්න යන්නේ
06:48
Video thumbnail
නියඟය ලෙෆ්ට්.. ගංවතුරට සූදානම් වෙන්න
06:49
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.15
56:08