මිලියන 32ක මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට

කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේදී රුපියල් මිලියන 32කට ආසන්න වටිනාකමින් යුත් මත්ද්‍රව්‍ය තොගයක් රේගුව විසින් සොයාගෙන තිබේ.

රේගු මාධ්‍ය ප්‍රකාශක සුදත්ත සිල්වා මහතා පැවසුවේ රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිළධාරින් විසින් මධ්‍යම තැපැල් හුවමාරුවේ සිදුකළ වැටලීමකදී එම මත්ද්‍රව්‍ය තොගය සොයා ගත් බවය.

බ්‍රිතාන්‍ය, කැනඩාව සහ ජර්මනිය යන රටවල සිට කොළඹ, ගම්පහ සහ නුවර යන දිස්ත්‍රික්කවල පදිංචි පුද්ගලයින් වෙත එවා තිබූ සැකසහිත පාර්සල් කිහිපයක් පරීක්ෂා කිරමේදී මෙම මත්ද්‍රව්‍ය තොගය හමුව ඇත.

එම පාර්සල් තුළ තිබී කූෂ් නමැති මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් එකයි ග්‍රෑම් 590ක් සහ මත්පෙති 601ක් සොයා ගෙන ඇති බව සුදත්ත සිල්වා මහතා සදහන් කළේය.

පසුව සිදුකළ විමර්ශනයකදී එම පාර්සල් එවා ඇති ලිපිනයන් ව්‍යාජ ඒවා බවට තහවුරු වී ඇති බවද වාර්තා වෙයි.

රේගු මාධ්‍ය ප්‍රකාශක සුදත්ත සිල්වා මහතා වැඩිදුරටත් පැවසුවේ එම මත්ද්‍රව්‍ය තොගය ඉදිරි විමර්ශන කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාරදුන් බවය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කිසිවෙකුට අපිව පරාජය කරන්න බැහැ..පිටින් වගේම අභ්‍යන්තරයෙත් අපිට අභියෝග තියෙනවා
10:18
Video thumbnail
කළුතරදී යකා නටපු පුද්ගලයෙක්ට වැඩ වරදියි
00:58
Video thumbnail
ජාතික පරිසර පනත ගැන සජිත්ගෙන් ප්‍රබල ප්‍රකාශයක් - පාරිභෝගිකයට බෑනේ නිෂ්පාදනකරුවට බලපෑම් කරන්න
03:54
Video thumbnail
දොර කාගෙහරි වාහනයක වැදෙනකන් දන්නේ නෑනේ - රියදුරෙක් මීට වඩා අවධානයෙන් ඉන්න ඕනි
01:43
Video thumbnail
එදා බලයේ හිටපු අය යට ගැසූ බොහෝදේ දැන් එළිවෙමින් පවතිනවා - කදිනල් හිමි කළ හෙළිදරව්ව
08:09
Video thumbnail
හිටපු පාලකයන්ට කාදිනල් හිමිගෙන් සැර කතාවක් - පාස්කුවේ තිබුණ සාක්ෂිත් විකෘති කරපු එක කළේ
05:55
Video thumbnail
නිෂ්පාදනය රටේ Brand එකක් විදියට ඉස්සරහට යනකල් දියුණුවක් වෙන්නේ නෑ
03:11
Video thumbnail
වෙනස්වීම්වලට මුහුණ දෙන්න ක්‍රමයක් රටේ නෑ - අපේ ක්‍රමයන්වලින් ප්‍රශ්නවලට මුහුණ දෙන්න ඕනි
02:19
Video thumbnail
උහුලන්න බැරි තරමට රජයන් IMF සහයෝගයෙන් බදු අය කරනවා..ඇදගෙන යන්න තරම් සංකල්ප නෑ
04:32
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන මහජනතාව විශේෂ දැනුවත් කිරීමක් - ජලය කළමණාකරනය කළොත් මේකට මුහුණදෙන්න පුළුවන්
09:46