මිලට ගන්න බැරි නම් ගුරුවරියන්ට සාරි දෙන්න ඇමැති සුදානම් ලු

සාරි ඇඳගෙන පාසල් යෑමට වත්කමක් නැති ගුරුවරියන් සම්බන්ධයෙන් තමා මේ දිනවල සමීක්‍ෂණයක් කරගෙන යන බව අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත ඊයේ (27) පැවැසීය.

සාරි මිලදී ගැනීමට වත්කමක් නැති නිසා වෙනත් මෝස්තර ඇඳුම් ඇඳගෙන යෑමට ගුරුවරියන්ට සිදුවී තිබෙන බවට රාවයක් ඇති බවත් එවැනි මුදල් නැති ගුරුවරියන්ට සාරි පිරිනැමීමේ ක්‍රමයක් තමා ක්‍රියාත්මක කරන බවත් ඇමැතිවරයා පවසයි.

ඔහු වැඩිදුරටත් මෙසේද පැවැසීය.

අපේ සමහර ටීචර්ලා සාරි වෙනුවට වෙනත් මෝස්තර ඇඳුම් වලට වැඩි කැමැත්තක් දක්වන්නේ ඒගොල්ලන්ට දිනපතා සාරි ඇඳගෙන යෑමට සෑහෙන වියදමක් යන හින්දා වෙන්න ඇති. මේ වගේ නැති බැරි ටීචර්ලාට සාරි ටිකක් නොමිලේ හරි පරිත්‍යාග කරන්න ඕනෑ. ළඟදී මේ සම්බන්ධයෙන් කලාප අධ්‍යාපන නිලධාරීන් සමඟ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ගුරුවරුන්ගේ නැති ප්‍රශ්න අල්ලාගෙන එන්ජීඕ කාරයෝ ටිකක් අද විවිධ කුමන්ත්‍රණ කරනවා. ඒවාට අපි අහුවෙන්නේ නෑ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !