spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මිරිස් කුඩු ගසා හෙද නිලධාරිනියගේ මාලය කඩාගෙන ගිහින්

වැලිමඩ මූලික රෝහලේ හෙද නිලධාරිනියකගේ ගෙළ බැඳි රන් මාලය කඩාගෙන ගිය පුද්ගලයෙකු සොයා පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

හෙද නිලධාරිනිය අද පෙරවරුවේ සේවය සඳහා රෝහලට ගමන් කරමින් සිටියදී කිසියම් අයෙකු ඇයගේ මුහුණට මිරිස් කුඩු ප්‍රහාරයක් එල්ල කර මාලය කඩාගෙන ගොස් ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මාලයේ වටිනාකම රුපියල් දෙලක්ෂ හතලිස් දහසකට අධික බව සඳහන්.

එය කඩා ගත් සැකකරු වැලිමඩ නගරය දෙසට පළාගොස් ඇතැයි හෙළිවී තිබෙනවා.

හෙද නිලධාරිනිය වැලිමඩ රෝහලට ඇතුලත් කර ඇති අතර වැලිමඩ පොලිසිය පරීක්ෂණ සිදු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
2
+1
2
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?