මියන්මාර සරණාගතයින් මුලතිව් ගුවන් හමුදා කඳවුරට (ඡායාරූප)

මියන්මාර සරණාගතයින් රැගත් බෝට්ටුවක් ආහාරපාන හිඟ වීමත් සමග මෙරට මුලතිව් මුහුදු තීරයෙන් ගොඩබිමට පැමිණෙමින් සිටියදී නාවික හමුදාව මැදිහත් ව ඔවුන් ව බේරා ගනු ලැබුවා.

ඔවුන් පසුගිය 19 වැනි දින දහවල් කාලයේ දීයි නාවික හමුදාව විසින් බේරාගනු ලැබුවේ.

මෙලෙස මුදාගැනුණු සරණාගත පිරිස අද (23) පස්වරුවේ මුලතිව් හි පිහිටි ගුවන් හමුදා කඳවුර වෙත තාවකාලික රැඳවුම් මත යොමු කර තිබෙනවා.

මියන්මාර බෝට්ටුවෙන් මෙරට සාගර කලාපයට ඇතුළුව සිටියදී නාවික හමුදාව විසින් බේරාගත් මියන්මාර ජාතිකයින් 103 දෙනෙකු මෙලෙස අද දිනයේ දී ගුවන් හමුදා කඳවුර වෙත යොමු කෙරුණේ අධිකරණ නියෝග මතයි.

මීට පෙර අධිකරණ නියෝග අනුව අදාළ පිරිස මිරිහාන පිහිටි රැඳවුම් මධ්‍යස්ථානයක් වෙත යොමු කරන ලෙස දැනුම්දී තිබු නමුත්, මිරිහාන රැඳවුම් මධ්‍යස්ථාන තුළ ප්‍රමාණවත් නවාතැන් පහසුකම් නොමැති වීම මත අදාළ පිරිස මුලතිව් ගුවන් හමුදා කඳවුර වෙත යොමුකොට ඇති බව මුලතිව් ආරක්ෂක අංශ පවසනවා.

බෝට්ටුව තුළ දරුවන් 45 දෙනෙකු, වැඩිහිටි පිරිමි පුද්ගලයින් 46 දෙනෙකු හා වැඩිහිටි කාන්තාවන් 24 දෙනෙකු ලෙසට පුද්ගලයින් 115 දෙනෙකු පැමිණ සිටියා.

බේරාගත් පිරිසෙන් පුද්ගලයින් 12 දෙනෙකු ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණ නියෝග යටතේ රක්ෂිත බන්ධනාගාර වෙත යොමුකොට තිබු අතර, අදාළ 12 දෙනා බෝට්ටු භාර ධීවරයින් හා කාර්මිකයින් බවයි වාර්තා වන්නේ.

මියන්මාර සරණාගතයින් පිරිස බෝට්ටු තුනකින් වෙනත් රටකට පලා යමින් සිටියදී බෝට්ටු දෙකක් කාර්මික දෝෂයන්ට ලක්ව තිබු අතර, එහි සිටි පිරිස ද නිරුපද්‍රිත ව යාත්‍රාව වෙත නැඟී වෙනත් රටකට පලා යමින් සිටියදී යාත්‍රාවේ පුද්ගලයින්ට ආහාර හා පානීය ජලය හිඟවීම මත මෙරට සාගර කලාපය වෙත ඇතුළු ව සිටියදී නාවික හමුදා භාරයට ගත්තේ.

IMG 20241223 WA0061
IMG 20241223 WA0072
IMG 20241223 WA0045
IMG 20241223 WA00571
IMG 20241223 WA0076
IMG 20241223 WA0073
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අභිරහසක් ඉතිරි කර පිළිස්සී එළොව ගිය වයෝවෘද්ධ කාන්තාව..
01:01
Video thumbnail
නාමල් ගිහින් හිටපු නගරාධිපති ජාලියෝට දුන්න සුපිරි Birthday Surprise එක..මචන් මටත් කේක් කෑල්ලක්
02:07
Video thumbnail
අවුරුදු උත්සවයට ගිය පිය පුතු ගමන රෝහලෙන් නතර වුණ හැටි..ත්‍රීවීල් එකක් දුම්රියක ගැටෙයි
01:05
Video thumbnail
රටේ ජාතික මූල්‍ය ආරක්ෂාව අනතුරේ..හිටිහැටියෙම මුදල් වාෂ්ප වෙන්න ඉඩ දෙන්න බෑ
08:06
Video thumbnail
දක්ෂිණ අධිවේගී මාර්ගයේ සේවා පෙදෙසේ AC එකක්වත් වැඩ නෑ..මිනිස්සු හූරන් කන ආකාරයට මුදල් අය කරන්නේ
01:42
Video thumbnail
එළොව ගිය සහකාර අධ්‍යක්ෂකවරයා ගැන හර්ෂ සංවේදී වී කිව්ව දේ..සියලුම සාමාජිකයින්ට කම්පනයක් වුණා
00:57
Video thumbnail
"ඔව් දැවැන්ත හොරකමක් වෙලා තියෙනවා"අහිමිවුණ ඩොලර් මිලියන 2.5 ගැන හර්ෂගෙන් ප්‍රබල හෙළිදරව්වක්..
08:39
Video thumbnail
රටේ ඉතිහාසය අලුත් කරන මැයි දිනයක් බවට මේක පත්වෙනවා..21ම ඉතාම ඉහළින් සාර්ථක වෙනවා
06:20
Video thumbnail
මුළු කොලඹම කැළඹෙයි - බලය පෙන්නන්න හදන පරණ සෙල්ලම ආයෙත් එළියට
04:10
Video thumbnail
ඥානසාර හිමිගෙන් ක්‍රිකට් ආයතනය ගැන ඇස් උඩයන හෙළිදරව්වක් - මට හෙට තව නඩුවක් වැටෙයි
02:29