යුක්තිය ඉටු විය යුතු සමයක, මහාධිකරණයක දී දණ්ඩ නීති සංග්‍රහයේ 386 යටතේ වරදකරුවෙකු බවට නම් කෙරුණු අපරාධකරුවෙකුට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති සමාව ප්‍රදානය කරනු ලැබීම බරපතළ තත්ත්වයක් බව සමගි ජන බලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ අජිත්.පී. පෙරේරා පවසනවා.
අද (06) දිනයේ පාර්ලිමේන්තුවේ ශෝකී ප්‍රකාශ නිකුත් කිරීමේ අවස්ථාවට එක්වෙමින් මන්ත්‍රීවරයා පැවසුවේ පසුගිය මැයි මස 02 වැනි දින අනුරාධපුර මහාධිකරණයේ දී වරදකරුවෙකු කරන ලද අතුල සේනාරත්න නමැත්තා හට තවත් අධිකරණ කිහිපයක ම අධිචෝදනා 20කට වැඩි ප්‍රමාණයක් පවතින අයෙකු බවත්, මැයි 02 වැනි දින දඬුවම් නියම වූ පසු මැයි මස 12 වැනි දිනට යෙදුණු වෙසක් පොහොය වෙනුවෙන් එකී රැඳවියාට ජනපති සමාව දීම අයුක්තිය සිදුවීමක් බවයි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූල ව ජනාධිපතිවරයෙකුට ‘ජනපති සමාව’ පිරිනැමිය හැකි නිසි ක්‍රියාවලියක් ඇති පසුබිමක වත්මන් රජය යුක්තිය ඉටු කිරීමට පැමිණ මෙවැනි අයුක්තිසහගත දෑ සිදු කිරීම බරපතළ ගැටලුවක් බව ද මන්ත්‍රීවරයා පෙන්වා දුන්නා.