මැයි 02 වැනි දා සිරදඬුවම් නියම වූ අපරාධකරුවෙකුට වෙසක් පෝය දවසෙ ජනපති සමාව දීලා (වීඩියෝ)

යුක්තිය ඉටු විය යුතු සමයක, මහාධිකරණයක දී දණ්ඩ නීති සංග්‍රහයේ 386 යටතේ වරදකරුවෙකු බවට නම් කෙරුණු අපරාධකරුවෙකුට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති සමාව ප්‍රදානය කරනු ලැබීම බරපතළ තත්ත්වයක් බව සමගි ජන බලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ අජිත්.පී. පෙරේරා පවසනවා.

අද (06) දිනයේ පාර්ලිමේන්තුවේ ශෝකී ප්‍රකාශ නිකුත් කිරීමේ අවස්ථාවට එක්වෙමින් මන්ත්‍රීවරයා පැවසුවේ පසුගිය මැයි මස 02 වැනි දින අනුරාධපුර මහාධිකරණයේ දී වරදකරුවෙකු කරන ලද අතුල සේනාරත්න නමැත්තා හට තවත් අධිකරණ කිහිපයක ම අධිචෝදනා 20කට වැඩි ප්‍රමාණයක් පවතින අයෙකු බවත්, මැයි 02 වැනි දින දඬුවම් නියම වූ පසු මැයි මස 12 වැනි දිනට යෙදුණු වෙසක් පොහොය වෙනුවෙන් එකී රැඳවියාට ජනපති සමාව දීම අයුක්තිය සිදුවීමක් බවයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූල ව ජනාධිපතිවරයෙකුට ‘ජනපති සමාව’ පිරිනැමිය හැකි නිසි ක්‍රියාවලියක් ඇති පසුබිමක වත්මන් රජය යුක්තිය ඉටු කිරීමට පැමිණ මෙවැනි අයුක්තිසහගත දෑ සිදු කිරීම බරපතළ ගැටලුවක් බව ද මන්ත්‍රීවරයා පෙන්වා දුන්නා.

  1. මේ පුවත සත්‍ය නම් ආණ්ඩුව කුමක් වුවත් අප ඒ ගැන සැලකිලිමත් විය යුතුයි. අපිත් මේ ආණ්ඩුව පත් කිරීමට ඡන්දය දීපු අය වගේම මේ ආණ්ඩුවේ ක්‍රියාවලිය පිළිබඳව දැඩි විශ්වාසයකින් පසුවෙන උදවිය ඒ හින්දා කරුණාකර මෙම වරදක් සිදුවී තිබේ නම් ඒ පිළිබඳව නිසි ලෙස ක්‍රියාමාර්ග ගත යුතුයි..ඒ වගේම ඒ පිළිබඳව නිසි පැහැදිලි කිරීමක් අවශ්‍යයි

  2. මම දන්න විදියට වෙසක් පෝයට සිරකරුවන්ට දෙන සමාව “ජනාධිපති සමාව” නෙවෙයි. ඒ සමාව දෙන්නෙ ඒ සඳහා අධිකරණ ඇමතිවරයා විසින් පත් කරණ ලද කමිටු නිර්දේශයක් අනුවයි. ඒ අනුව ප්‍රශ්ණ කල යුත්තේ අදාල කමිටුව සහ එය පත් කල අධිකරණ ඇමතිවරයාවයි.
    අජිත් පෙරේරා මන්ත්‍රීවරයා මේ ගැන නොදන්නවා වෙන්ඩ බෑ.

    • සාඩාරනව බැලුවොත් ජනාධිපතිත් අධ්කරන ඇමතිත් ඔය නම් ලිස්ට් දීපු කෙනාව තතමයී ප්‍රශ්න කරන්න ඕනේ. බොහො දුරට බන්ධනාගාර ලොක්කා. අද ජනාධිපති මාධ්‍ය දාලා තියෙනවා නිවේදනයක් මේ ෆැන ජනාධිපති වහාම cid එකට ක්‍රියාත්මක වෙන්න කියලා .

  3. I doubt it very much whether a person in the caliber of AKD would approve such a release . If convicted and jailed on the 2 nd and could he be released on the 12 th in mere 10 says.? Before such a release reports have to be called for a committee has to sit and approve the release. How can you do this in a record breaking time ? If true, cases are now building up against this govt too sooner than expected. Cannot he Ajith Perera file a case fundamental right case at the Supreme court ? Like the one against Sirisena for releasing Jayamaha. What about the 323 containers opposition accused the govt of releasing by passing proper channels.? Can file a case for that too.

  4. ජනාධිපති මාධ්‍ය අන්ශය නිවේදනයක් නිකුත් කරල ජනාධිපති වහාම CID එකට ක්‍රියාත්මක වෙන්න කියලා



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බන්ධනාගාරවල ඇතිවූ නොසන්සුන්තාව ගැන අධිකරණ ඇමති කට අරියි - කිසිම චාන්ස් එකක් නෑ කුමන්ත්‍රණ කරන්න
02:34
Video thumbnail
කුරුවිට බන්ධනාගාරයට ආ ආරක්ෂක අංශ පිටව ගිය හැටි - කට්ටිය පෝළිමට එළියට
03:15
Video thumbnail
අකිලගේ ආරක්ෂාව ගැන බන්ධනාගාර කොමසාරිස්ට එජාපයෙන් ලිපියක් - එතුමාගේ ජීවිතේ අනතුරේ
01:29
Video thumbnail
අර්චුනා හදිසියේම නැගිටියි - රට බෙදන කතා මම කිව්වේ නෑ..එහෙම එකක් දෙමළෙන් කිව්වේ නෑ
01:37
Video thumbnail
මධ්‍යම පළාත් නව ආණ්ඩුකාරවරයා චාම්ව වැඩ භාරගත් අයුරු - "ජනපති විශාල වගකීමක් මට භාරදුන්නේ"
07:43
Video thumbnail
මට හාර්ට් ඇටෑක් - අපි මැ#ණත් කමක් නෑ - අපේ ළමයි ටික ඕනි සර්..මුන් අපිව පන්නනවා
01:41
Video thumbnail
ශ්‍රී ලංකා නීතිඥ සංගමය කාදිනල් හිමියන් හමුවෙයි - සංශෝධනය ගැන අපි දීර්ඝ සාකච්ඡාවක් කලා
04:26
Video thumbnail
අනුරාධපුර බන්ධනාගාරයෙත් ආරක්ෂාව තර කරයි - ප්‍රදේශයටම යුද හමුදාව යොදවයි
03:13
Video thumbnail
පොලිසියට වෙට්ටු දදා ගිය තරුණයා - "චිත්‍රපටියක වගේ..ළමයෝ නවත්තනවකෝ.."
01:01
Video thumbnail
මීගමුව ගැටුමට සම්බන්ධන සෙට් එක නැවත බන්ධනාගාරයට - මුණුත් වහගෙන ගිය හැටි
02:33