මැදවච්චියේදී කෙනරකට මළදරු උපතක් (ඡායාරූප)

වනඅලි අතරේ කලාතුරකින් සිදුවන සිදුවීමක් ලෙස වාර්තාවන කෙනරක සිදුකර ඇති මළදරු උපතක් සම්බන්ධයෙන් මැදවච්චිය ප්‍රදේශයෙන් වාර්තාවෙයි.

මැදවච්චිය වනජීවී කාර්යාලයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව එම නිලධාරීන් සිදුකළ සෝදිසි මෙහෙයුමකදී උපතේදීම මිය ගිය එම වන අලි පැටවාගේ සිරුර සොයා ගෙන තිබෙනවා.

මැදවච්චිය තිත්තගෝනැව ප්‍රදේශයේ හේන් ඉඩමක තිබී උපතේදීම මියගිය එම අලිපැටවාගේ සිරුර සොයා ගෙන තිබෙනවා.

මැදවච්චිය තිත්තගෝනෑව හා ඒ ආශ්‍රිතව රක්ෂිතවල සැරිසැරූ වනඅලි රංචුවක සිටි කෙනරක මෙම ස්වභාවික මළදරු උපත සිදුකර ඇති බවත්, එම පැටවා බිහිකිරීමෙන් පසු මව් කෙනෙර යළිත් සිය රංචුව සමඟ රක්ෂීතයට ගමන් කර ඇති බවත් වනජීවී නිලධාරීහු පවසනවා.

මිය ගොස් සිටි එම කුඩා වන අලි පැටවාගේ සිරුර සම්බන්ධයෙන් වූ පශ්චාත් මරණ පරීක්ෂණය අනුරාධපුර පණ්ඩුලගම වනජීවී පශු වෛද්‍ය උදේශීකා මධුවන්ති මෙනවිය විසින් අද (29) පස්වරුවේ පැවුත්වූ අතර එහිදී නිගමනය වූයේ එම අලි පැටවා උපතේදීම ස්වභාවිකව මිය ගොස් ඇති බවයි.

වන අලින් අතර සිදුවන උපත් අතර මෙවන් මළදරු උපත් වාර්තාවන්නේ ඉතාමත් කලාතුරකින් බවයි වනජීවී පශු වෛද්‍ය නිලධාරීහු පවසන්නේ.

අනුරාධපුර වනජීවී පශු වෛද්‍ය ඒකකයේ නිලධාරීන් පිරිසක් එම අලි පැටවාගේ පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වා ඇති අතර එයට මැදවච්චිය වනජීවී කාර්යාලයේ නිලධාරීන්ද සහය දක්වා තිබෙනවා.

පැවැති පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසු එම අලි පැටවාගේ සිරුර විනාශ කිරීම සඳහා ප්‍රදේශය භාර ග්‍රාම නිලධාරීවරයා වෙත බාර දීමට වනජීවී නිලධාරීන් කටයුතු කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
0
මාර දුකයි !
16
මලපනිනව !
6
කුජීතයි !
0
spot_img
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?