AFC Banner
Empty Ad
Empty Ad

මැති ඇමතිවරුන්ගේ අතුරුපස තුනෙන් එකට බසී

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, නිලධාරීන්, සේවකයන් සහ අමුත්තන්ට පාර්ලිමේන්තුවේ ප්‍රධාන ආහාර වේලෙන් පසු ලබාදෙන අතුරුපස එකක් දක්වා අඩු කිරීමට තීරණය කර ඇති බව වාර්තා වනවා.

රට තුළ පවතින ආර්ථික තත්ත්වය සැළකිල්ලට ගෙන මෙතෙක් ලබාදුන් අතුරුපස වර්ග තුන, එක් අතුරුපස වර්ගයක් දක්වා අඩු කිරීමටයි තීරණය කර ඇත්තේ.

පළතුරු ඇතුළු සියලු අමුද්‍රව්‍යවල මිල ඉහළ යාම හේතුවෙන් අතුරුපස වර්ග තුනක් සැපයීම දුෂ්කර වී ඇති බවයි පාර්ලිමේන්තු ආපන ආපනශාලා අංශයෙන් තොරතුරු වාර්තා වන්නේ.

ආහාර ද්‍රව්‍යවල පවතින අධික මිල ගණන් හේතුවෙන් පාර්ලිමේන්තු ආපනශාලාවට ඇතැම් ආහාර වර්ග මිලදී ගැනීමද සම්පූර්ණයෙන්ම නවතා දමා ඇති බවද වාර්තා වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?