මාර්තු 15 වනදා වන විට සිසුන් අතට නිල ඇඳුම්

අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ මුඛ්‍ය පරමාර්ථය වන්නේ කෙනෙකුට රැකියාවක් සැපයීම නොව සිසුන්ට සාර්ථක ගුරුවරයකු ලබාදීම වන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් පවසනවා.

ඒ අනුව 2028 වර්ෂයෙන් පසුව ජාතික අධ්‍යාපන විශ්ව විද්‍යාලයෙන් බිහිවන අධ්‍යාපනවේදී උපාධිධාරීන්ට හැර වෙනත් කිසිවකුට ගුරුපත්වීම් ලබා නොදෙන බවයි අධ්‍යාපන අමාත්‍යවරයා පැවසුවේ.

අධ්‍යාපන විද්‍යා පීඨ 19 ම ඒකාබද්ධ කර බිහි කරන එක් ජාතික විශ්වවිද්‍යාලයක් මගින් සිව්වසරක් තුළ උපාධිධාරීන් බිහි කෙරෙන බවත් උසස් පෙළ ඉසඩ්ස්කෝ පළමු වටයෙන් ම විෂය අනුව පවත්නා පුරප්පාඩු මත උපාධි අපේක්ෂකයන් බඳවාගන්නා බවත් අධ්‍යයන වර්ෂ තුනකට පසු අවසන් වසරේ දී ඉගැන්වීම පිළිබඳ ප්‍රායෝගික පුහුණුවක් ලබා දී ගුණාත්මක භාවයෙන් ඉහළ ගුරුවරයකු පන්ති කාමරය වෙත යැවීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.

අධ්‍යාපන සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවති කමිටු රැස්වීමක් අමතමින ඔහු මේ බව සඳහන් කර සිටියා.

ජාතික මට්ටමෙන් සැලසුම් කර ඇති ඉදිරි අධ්‍යාපන සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සඳහා පළාත් මට්ටමින් සහයෝගය ලබා ගැනීමත් පළාත් මට්ටමින් අධ්‍යාපනය ඉහළ නැංවීමත් අරමුණු කර ගනිමින් මෙම රැස්වීම පවතවනු ලැබුවා.

මේ අතර පාසල් නිල ඇඳුම් ලබාදීමේ ප්‍රගතිය සම්බන්ධයෙන් ද අදහස් පළ කළ සුසිල් ප්‍රේමජයන්ත අමාත්‍යවරයා කියා සිටියේ අවශ්‍ය නිල ඇඳුම්වලින් 70%ක් ලබාදීමට එකඟ වී සිටින චීන රජය එහි පළමු තොගය මේ වන විටත් එවා ඇති බවයි.

දේශීය වශයෙන් පෞද්ගලික ව්‍යාපාරිකයන් සපයන ඉතිරි 30% දැන් නිම කෙරෙමින් පවතින බවත් බෙදාහැරීමේ කටයුතු සිදු කර මාර්තු 15 වන විට සිසුන් අතට නිල ඇඳුම් පත් කිරීමේ ඉලක්කය සපුරා ගැනීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බවත් සඳහන් කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අම්මලා, තාත්තලා තමයි දරුවන්ගේ හිත්වලට වි#ෂ පොවන්නේ
05:28
Video thumbnail
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නිසා ස්ටාලින්ට රතු කට්ට පනී
14:27
Video thumbnail
කොළඹ 07 නෝනලාට සත්ත්ව කරුණාව මතක් වෙන්නේ දළදා පෙරහැර කාලයට විතරයි
06:05
Video thumbnail
සබදු අපි කදු නොවෙමු උනුන් පරයා නැගෙන සුනිල දිය දහර වෙමු එකම ගගක ගලන|දැවෙන සිතට දම් සිසිලක් සජීවීව🔴
01:33:09
Video thumbnail
අර නිවාස ඇමතිට සෙල්ලම් ගෙයක්වත් හදන්න බෑ
03:26
Video thumbnail
ආණ්ඩුව උදව් කරන්න ගිය අපිට කා#ලකණ්නි කියලා කිව්වා
06:43
Video thumbnail
සජිත්ට බස් මෑන් කියපු එවුන්ට අද වැසිකිළියක්වත් හදාගන්න බෑ
13:11
Video thumbnail
මාලිමාවට ඡන්දේ දුන්නේ බුදු දහම අතුගාලා දාන්න නෙමෙයි
09:12
Video thumbnail
මාලිමාවේ සෙට් එකත් රාජ්‍ය සම්පත් අවභාවිතා කරලා..?
02:49
Video thumbnail
මුස්ලිම් පල්ලියක් ඇතුළේ සිදුවුණු කැත වැඩක් - මාධ්‍යවේදියෙක්ට පල්ලියක් ඇතුළේ කරපු දේ
01:58


?