මාර්තු 15 වනදා වන විට සිසුන් අතට නිල ඇඳුම්

අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ මුඛ්‍ය පරමාර්ථය වන්නේ කෙනෙකුට රැකියාවක් සැපයීම නොව සිසුන්ට සාර්ථක ගුරුවරයකු ලබාදීම වන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් පවසනවා.

ඒ අනුව 2028 වර්ෂයෙන් පසුව ජාතික අධ්‍යාපන විශ්ව විද්‍යාලයෙන් බිහිවන අධ්‍යාපනවේදී උපාධිධාරීන්ට හැර වෙනත් කිසිවකුට ගුරුපත්වීම් ලබා නොදෙන බවයි අධ්‍යාපන අමාත්‍යවරයා පැවසුවේ.

අධ්‍යාපන විද්‍යා පීඨ 19 ම ඒකාබද්ධ කර බිහි කරන එක් ජාතික විශ්වවිද්‍යාලයක් මගින් සිව්වසරක් තුළ උපාධිධාරීන් බිහි කෙරෙන බවත් උසස් පෙළ ඉසඩ්ස්කෝ පළමු වටයෙන් ම විෂය අනුව පවත්නා පුරප්පාඩු මත උපාධි අපේක්ෂකයන් බඳවාගන්නා බවත් අධ්‍යයන වර්ෂ තුනකට පසු අවසන් වසරේ දී ඉගැන්වීම පිළිබඳ ප්‍රායෝගික පුහුණුවක් ලබා දී ගුණාත්මක භාවයෙන් ඉහළ ගුරුවරයකු පන්ති කාමරය වෙත යැවීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.

අධ්‍යාපන සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවති කමිටු රැස්වීමක් අමතමින ඔහු මේ බව සඳහන් කර සිටියා.

ජාතික මට්ටමෙන් සැලසුම් කර ඇති ඉදිරි අධ්‍යාපන සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සඳහා පළාත් මට්ටමින් සහයෝගය ලබා ගැනීමත් පළාත් මට්ටමින් අධ්‍යාපනය ඉහළ නැංවීමත් අරමුණු කර ගනිමින් මෙම රැස්වීම පවතවනු ලැබුවා.

මේ අතර පාසල් නිල ඇඳුම් ලබාදීමේ ප්‍රගතිය සම්බන්ධයෙන් ද අදහස් පළ කළ සුසිල් ප්‍රේමජයන්ත අමාත්‍යවරයා කියා සිටියේ අවශ්‍ය නිල ඇඳුම්වලින් 70%ක් ලබාදීමට එකඟ වී සිටින චීන රජය එහි පළමු තොගය මේ වන විටත් එවා ඇති බවයි.

දේශීය වශයෙන් පෞද්ගලික ව්‍යාපාරිකයන් සපයන ඉතිරි 30% දැන් නිම කෙරෙමින් පවතින බවත් බෙදාහැරීමේ කටයුතු සිදු කර මාර්තු 15 වන විට සිසුන් අතට නිල ඇඳුම් පත් කිරීමේ ඉලක්කය සපුරා ගැනීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බවත් සඳහන් කර සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විලංගු දාලා නාමල්ව නවත්වන්න බෑ - නාමල් ශක්තිමත් තරුණයෙක්
03:36
Video thumbnail
බද්දේගම රත්කළ වෙ#ල්ල ගැන ඇමති නලින්ද හෙළිකල දේ - පාතාල කල්ලි කල්ලි අතර වෙන ගැටුම් ඔය
02:28
Video thumbnail
රංග දිසානායකට විරුද්ධව අල්ලස් කොමිසමටම පැමිණිල්ලක්
05:04
Video thumbnail
පුතා හිරේ ඉන්නකොටත් අම්මට රට පනින්න වෙලා තියෙන්නේ - කට්ටියට වේගෙන් හිරේ යන්න වෙනවා
04:34
Video thumbnail
නාමල්ට එක නීතියක්, කුමාර ජයකොඩිට තව නීතියක්
03:00
Video thumbnail
මත්පෙති ජාවාරමට එරෙහිව ගමක් පාරට බහී
01:56
Video thumbnail
01 වෙනිදා සිට දඩ මුදල් පොලිසියට ඇවිත් ගෙවන්න පුළුවන් - නිවාඩු දින ප්‍රශ්නයක් නෑ - ඕනෑම වෙලාවක එන්න
04:01
Video thumbnail
අධිකරණයට බාධාවෙන ලෙස විපක්ෂය දැවැන්ත මඩ ප්‍රහාරයක් එල්ල කළා - විපක්ෂයට වැලේ වැල් නැතිවුණා
04:09
Video thumbnail
දවස් 3ක් තිස්සේ තෙල් නෑ - අනුරාධපුර මිනිස්සු අමාරුවේ වැටෙයි
01:13
Video thumbnail
බදුල්ල කතරගම දේවාලයේ අලි කුලප්පුවක්
01:27