AFC Banner
Empty Ad
Empty Ad

මානසික රෝගයකින් පෙලුණු පුද්ගලයෙක් අත් පා ගැටගසා ඝාතනය කරලා

මුතූර් පොලිස් වසමේ බිහිරියා නගර් කලපු ප්‍රදේශයේ ඝාතනය කර ඇති බවට සැක කෙරෙන පුද්ගලයෙකුගේ මළ සිරුරක් සොයාගෙන තිබෙනවා.

ඊයේ (01) දහවල් මෙලෙස සොයාගෙන ඇත්තේ 39 හැවිරිදි වියේ පසුවන බිහිරියා නගර්, මුතූර් 01 ප්‍රදේශයේ පදිංචිව සිටි පුද්ගලයෙක්.

මරණකරුගේ දෑත් සහ දෙපා ගැටගසා දෑත්වල වැලි උරයක් ද ගැටගසා තිබූ බවයි පොලිසිය සඳහන් කළේ.

මෙම පුද්ගලයා පසුගිය 30 වනදා රාත්‍රියේ කිසිවෙකුට නොදන්වා නිවසින් පිටව ගොස් ඇති බවත්, ඔහු යම් මානසික රෝගයකින් පෙලුණු අයෙක් බවත් පොලිසිය වැඩිදුරටත් සඳහන් කරනවා.

ඝාතනය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මුතූර් පොලිසිය විසින් සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
0
+1
1
+1
3
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?