spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මාධ්‍යවේදී සගයෙක් දිවියට සමු දෙයි

දසත ලංකා හොරොව්පතාන ප්‍රාදේශීය වාර්තාකරු පැතුම් දර්ශන අභාවප්‍රාප්ත වී තිබෙනවා.

කහටගස්දිගිලිය,හොරොව්පතාන,කැබිතිගොල්ලෑව ප්‍රදේශවල තිබෙන තොරතුරු වාර්තා කරමින් ප්‍රදේශයේ ජනතාවට සහ දසත ලංකා මාධ්‍යය ජාලයට ඉමහත් සේවයක් සිදු කරමින් කටයුතු කළ හොරොව්පතාන දසත ලංකා ප්‍රාදේශීය වාර්තාකරු පැතුම් දර්ශනට ඇති වු හදිසි රෝගී තත්වයක් හේතුවෙන් අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කිරීමට රැගෙන යමින් සිටියදී මොහු මියගොස් සිටි බව අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රකාශකයෙකු සඳහන් කළා.

මිය යන විට ඔහු 38 වන වියේ පසුවුවා.

පැතුම් දර්ශන ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ රජරට සේවයේ සහන නිවේදකයකු ලෙස ද කටයුතු කර තිබෙන අතර 2019 වර්ෂයේ දී පැවැත්වු රාජ්‍ය ගුවන්විදුලි සම්මාන උළෙලේදී ඔහු හොඳම ප්‍රවෘත්ති නිවේදකයකු ලෙසද සම්මානය ද පාත්‍රවී තිබෙනවා.

මිය ගිය පැතුම් දර්ශනගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට දින හොරොව්පතාන පොදු සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතව ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?