spot_img
AFC Banner
Empty Ad
Empty Ad

‘මාතා’ වෙනුවට ‘මහතා’ කියූ උමාරා සමාජ මාධ්‍ය කළඹයි

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ සිව්වන අදියරේ සමාරම්භක උළෙල ඊයේ (30) කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත් වුණා.

මෙම උළෙලේ දී ජාතික ගීය ගායනා කිරීමේ අවස්ථාව මෙරට ජනප්‍රිය ගායිකාවක් වන උමාරා සිංහවංශට හිමිව තිබුණා.

එහිදී උමාරා විසින් ජාතික ගීය ගායනයේ දී ‘නමෝ නමෝ මාතා’ කොටස වෙනුවට ‘නමෝ නමෝ මහතා’ ලෙස ගායනා කිරීම පිළිබඳව මේ වනවිට රට තුළ දැඩි කතාබහක් මතුව තිබෙනවා.

ජාතික ගීයේ පද වෙනස්කර මෙලෙස ගායනය කිරීම සම්බන්ධයෙන් මේ වනවිට පාර්ශ්ව රැසකින් දැඩි විරෝධයක් සහ විවේචන එල්ල වී ඇති ආකාරය දැකගත හැකියි.

මේ අතර සමාජ මාධ්‍ය කැළඹී ඇති මෙම සිද්ධිය වෙනුවෙන් #Mahatha යනුවෙන් හැෂ් ටැගයක්ද නිර්මාණය වී ඇති ආකාරය දැකගත හැකියි.

WhatsApp Image 2023 07 31 at 7.39.23 AM
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
9
+1
22
+1
36
+1
12
+1
14
+1
8
+1
15
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?