මීරිගම, මදුරුපිටිය ප්රදේශයේ දී මාඔයේ දියනෑමට ගිය පුද්ගලයින් තිදෙනෙකු දියේ ගිලී ඉන් එක් තරුණයෙක් මියගොස් තවත් අයෙකු අතුරුදන්ව තිබෙනවා.
ඊයේ (15) පස්වරුවේ මාඔයේ දියනෑමට ගිය පුද්ගලයින් තිදෙනෙකු දියේ ගිලී ඇති අතර ඉන් දෙදෙනෙකු ප්රදේශවාසීන් විසින් බේරාගෙන දඹදෙණිය රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
එහිදී බරපතළ තත්ත්වයේ පසුවූ තිසර සම්පත් ජයකොඩි නමැති 19 හැවිරිදි වියේ පසුවන මීරිගම ප්රදේශයේ පදිංචිව තරුණයෙක් මියගොස් තිබෙනවා.
දියේ ගිලී අතුරුදන් වූ අනෙක් පුද්ගලයා දිනේෂ් චන්දික ජයකොඩි නමැති වයස අවුරුදු 47ක පුද්ගලයෙක් බවයි වාර්තා වුණේ.
එම පුද්ගලයා මීරිගම පොලිසිය, පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ නිලධාරීන් හා ප්රදේශවාසීන් එක්ව තවදුරටත් මෙහෙයුම් සිදුකරනු ලබනවා.













