Empty Ad
Empty Ad
AFC Banner

මහ වැස්සෙන් අස්වැනු නන්නත්තාරයි – ගොවීන්ගෙන් මැසිවිලි (ඡායාරූප)

ජලාශ පිටාර ගැලීම සහ වැසි ජලය බැස නොයාම නිසා වගා බිම් රැසක් හානියට පත්ව ඇති නමුත් ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට කිසිදු වගකිව යුතු නිලධාරියෙකු මෙතෙක් පැමිණ නොමැති බව ගොවීන් චෝදනා කරනවා.

පුත්තලම දිස්ත්‍රික්කයේ හලාවත, ආරච්චිකට්ටුව, කල්පිටිය, මුන්දලම, පුත්තලම ඇතුළු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස රැසක වගා බිම් මේ වන විටත් ජලයෙන් යටවී ඇති බවක් දක්නට ලැබෙනවා.

ජලාශ පිටාර ගැලීම සහ වැසි ජලය බැස නොයාම මෙම තත්ත්වයට හේතුව වී ඇති බවයි අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.

වී,ගොටුකොළ, මුකුණුවැන්න වැනි වගාවන් මෙන් ම ගොඩ බෝග ලෙස සැලකෙන පේර සහ ගස් ලබු වගා බිම් රැසක් ම ජලය බැස නොයාම නිසා හානියට පත්ව ඇති බවක් දක්නට ලැබෙනවා.

ජලය එකතු වී ඇති බිම්වල වගා කර තිබූ ගොටුකොළ ඇතුළු පලා වර්ග කඩිනමින් නෙලා අඩු මුදලකට අලෙවි කිරීමට ද ගොවීන් පෙළඹී ඇති බවයි වාර්තා වන්නේ.

නමුත් එම පලා වර්ගවල මුල් කුණුවීමේ අවදානමක් ඇති බවට ගොවීන් පෙන්වාදෙනවා.

මාස 02 ක පමණ කාලයක් තිස්සේ පවතින වැසි හේතුවෙන් පේර වගාවන් අතර කිසියම් දිලීර රෝගයක් පැතිර යන ආකාරයක් ද දක්නට ලැබෙන බවයි වාර්තා වන්නේ.

ප්‍රමාණවත් තරම් හිරු එළිය නොලැබීම මෙම තත්ත්වයට හේතුව බවත් ගොවීන් කියා සිටිනවා.

මේ අතර ජලය බැස නොයාම නිසා ගස් ලබු වගා බිම් රැසක් විනාශ වෙමින් පවතින බවක් ද දක්නට ලැබෙනවා.

මාස 02කට වැඩි කාලයක් තිස්සේ පවතින වැසි හේතුවෙන් සිදු වී ඇති විනාශය පිළිබඳ ව මෙතෙක් කිසිදු නිලධාරියෙකු පැමිණ සොයා බැලීමක් නොකළ බවට ගොවීන් චෝදනා කරනවා.

සංවර්ධන නිලධාරීන් 74,000 ක් මේ රට තුළ සිටියත් ඒ කිසිදු අයෙකු ගොවීන් සම්බන්ධයෙන් සොයා බැලීමක් නොකරන බවයි ඔවුන් පවසන්නේ.

පුත්තලම නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂිකා තරංගිකා ශ්‍යාමලීගෙන් අප මේ සම්බන්ධයෙන් විමසූ විට කියා සිටියේ වගා හානි සම්බන්ධයෙන් තවමත් තොරතුරු එකතු කරමින් සිටින බවයි.

01 scaled
02 scaled
03 scaled
04 scaled
05 scaled
07 scaled
08 scaled
09 scaled
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
3
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නිලන්ති කොට්ටහච්චි පාර්ලිමේන්තුව දෙවනක් කරයි - විපක්ෂය මීක් නෑ...
Video thumbnail
රවීගෙන් ආණ්ඩුවට අනතුරු ඇඟවීමක් - "වැඩිකල් යන්න කලින් කාට කාටත් තේරෙයි "
02:32
Video thumbnail
දැන් පාර්ලිමේන්තුව මොන්ඩිසෝරියක් - පේනවනේ ආණ්ඩුවට කෙලවුන හැටි
05:05
Video thumbnail
සම්බෝලයි බතුයි කන්න බැරි මිනිස්සු - කොහොමද විදුලි බිල ගෙවන්නේ ?
05:11
Video thumbnail
ජනපති අනුර බුද්ධගයාව වැඳ පුදා ගනී
04:44
Video thumbnail
ඉන්දියාවට ගිය ජනපතිට මරික්කාර් රිදෙන්නම කියයි
10:24
Video thumbnail
සජිත්ට පුදුම ප්‍රශ්න ටිකක් තියෙන්නේ - ආණ්ඩුවේ රෙදි ඉල්ලේ - සැරටම අමතයි #sajithpremadasa
22:08
Video thumbnail
අර්චුනා එකපාරටම නැගිටිලා නාමල්ගේ තාත්තා ගැන කිව්ව දේ
01:12
Video thumbnail
මට අධිනීතිඥ කියලා කියන්න පුළුවන් - මම බ්‍රිතානයේ පුහුණුව ගත්තේ
10:58
Video thumbnail
රවීගේ පැටිකිරිය අසාද් සාලි එළිපිටම වමාරයි
05:50

?