මහ මඟ සිහිසුන්ව බිම වැටී සිටි පොලිස් කොස්තාපල්වරයෙකු රෝහලට

මහ මග සිහිසුන්ව බිම වැටී සිටි නිල ඇදුමින් සැරසී සිටි පොලිස් කොස්තාපල්වරයෙකුව මාරවිල මූලික රෝහලට ඇතුළත් කිරීමට මාරවිල පොලීසියේ නිලධාරීන් කටයුතු කර තිබේ.

රෝහල් ගත කර ඇත්තේ ආරච්චිකට්ටුව පොලීසියට අනියුක්තව සේවය කරන පොලිස් කොස්තාපල්වරයෙකුයි.

ඉකුත් 28 වෙනිදා සවස මෙම සිද්ධිය සිදුවී ඇති අතර තම ඥාති පුතෙක් වෙන්නප්පුව ප්‍රදේශයේ සිටින බවත්,එම දරුවා හමුවීම සදහා බස් රථයකින් පැමිණ අවශ්‍ය බඩු කීපයක් මිලදී ගැනීමට ගිය අවස්ථාවේ බිම ඇද වැටුණු බවත් රෝහල් ගත කර සිටින පොලිස් කොස්තාපල්වරයා පැවසීය.

රෝහල් ගත කර ඇති පොලිස් කොස්තාපල්වරයාගේ තත්ත්වය බරපතල නොවන බව රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
0
+1
1
+1
2
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?