මෝටර් රථ ප්‍රවාහන නීති සහ මාර්ග නීති උල්ලංඝනය කරමින් ධාවනය කළ බස් රථ කිහිපයක හිමිකරුවන් එම බස් රථ සමඟ අද (02) කොළඹට කැඳවා තිබුණා.
මෙලෙස කොළඹ කැඳවා ඇත්තේ දම් රැජින, දුඹුරු ලමිස්සි, රෝස සමනළී, සුරංගනාවී, නිල් සුරංගනාවී, කිඳුරංගනාවී, ජපන් ලමිස්සි, සොනික් යන අන්වර්ථ නාමයන්ගෙන් හඳුන්වන බස් රථ ඇතුළු තවත් බස්රථ කිහිපයක හිමිකරුවන් බවයි වාර්තා වුණේ.
එහිදී රථ වාහන පොලිස් නිලධාරීන් සහ මෝටර් රථ ප්‍රවාහන නිලධාරීන් කොළඹ පිටකොටුව ප්‍රදේශයේ දී මෙම බස් රථ පරීක්ෂා කිරීමෙන් පසු ඒවායේ ඇති සියලු නීති විරෝධී කොටස් ඉවත් කර යළි ඉදිරිපත් කරන ලෙස අවවාදකර මුදාහැරීමට කටයුතු කර තිබෙනවා.
අදාළ බස් රථ ශාන්තිපුර ප්‍රදේශයේ දී අපරික්ෂාකාරී අන්දමින් මාර්ගයේ ධාවනය කරන අයුරු සමාජ මාධ්‍යය ඔස්සේ ප්‍රචාරයවීමත් සමඟ ඒ සම්බන්ධයෙන් සමාජයේ දැඩි ලෙස කතා බහට ලක් වුණා.
ඒ, අනුව මහජනතාව විසින් සිදුකර ඇති පැමිණිලිවලට අනුව පොලිස් රථ වාහන මූලස්ථානය විසින් එම බස්රථ සියල්ලේ හිමිකරුවන් බස් රථ ද සමඟ මෙලෙස කොළඹට කැඳවා තිබුණා.















