spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මහින්දානන්ද ඇමතිතුමා මොණරා වගේ නැටුවට පස්ස එළියේ – දයාසිරි කියයි

මහින්දානන්ද අලුත්ගමගේ ඇමතිවරයා මොණරා වගේ පිල් විදහා ගෙන නැටුවත් ඔහුගේ පස්සේ එලිය බව රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර ප්‍රකාශ කර සිටිනවා.

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉලක්ක කරමින් මහින්දානන්ද අලුත්ගමගේ ඇමතිවරයා විසින් සිදුකරන ලද ප්‍රකාශයන් සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරමින් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර විසින් පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරනු ලැබුවා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

“මහින්දානන්ද ඇමතිතුමා මේ පලවෙනි වතාව නෙමෙයි මේ කාරණය කිව්වේ. එක පාරක් දෙපාරක් තුන්පාරක් කියලා මේක නතර කරනවානම් මේක අපිට ඉවසන්න පුළුවන්. හැබැයි මේ ආණ්ඩුවේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 14 දෙනෙක් නියෝජනය කරන ප්‍රධාන පක්ෂ නායකයාට, හිටපු ජනාධිපතිවරයාට එහෙම මඩ ගහනකොට අපිට ඉවසගෙන ඉන්න බෑ. ඒ නිසා මම කියන්න කැමති අද මේ රටේ මහින්දානන්ද ඇමතිතුමා මොණරෙක් වගේ පිල් විදහාගෙන නටනවා හැබැයි පස්ස එලියට දාගෙන ඉන්නේ. මතක තියා ගන්න… පස්ස එලියට දාගෙන ඉන්නේ. මොණරා නටනකොට ඉස්සරහා පිල් විදහාගෙන ඉන්නවා. මම එතුමට කියන්න කැමති, ඔය වළ හාරන එකනේ කරන්නේ. තව වළ හාරන්න කියන්න. තව හාරනකොට කුණු ගඳ එනවා පල්ලෙහාටම ගියාම. ගහන්න ඕනේ නම් අපිට ගහන්න.. අපේ පක්ෂ නායකයාට ගහන්න එපා..” රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?