මහින්දානන්ද ඇමතිතුමා මොණරා වගේ නැටුවට පස්ස එළියේ – දයාසිරි කියයි

මහින්දානන්ද අලුත්ගමගේ ඇමතිවරයා මොණරා වගේ පිල් විදහා ගෙන නැටුවත් ඔහුගේ පස්සේ එලිය බව රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර ප්‍රකාශ කර සිටිනවා.

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉලක්ක කරමින් මහින්දානන්ද අලුත්ගමගේ ඇමතිවරයා විසින් සිදුකරන ලද ප්‍රකාශයන් සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරමින් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර විසින් පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරනු ලැබුවා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

“මහින්දානන්ද ඇමතිතුමා මේ පලවෙනි වතාව නෙමෙයි මේ කාරණය කිව්වේ. එක පාරක් දෙපාරක් තුන්පාරක් කියලා මේක නතර කරනවානම් මේක අපිට ඉවසන්න පුළුවන්. හැබැයි මේ ආණ්ඩුවේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 14 දෙනෙක් නියෝජනය කරන ප්‍රධාන පක්ෂ නායකයාට, හිටපු ජනාධිපතිවරයාට එහෙම මඩ ගහනකොට අපිට ඉවසගෙන ඉන්න බෑ. ඒ නිසා මම කියන්න කැමති අද මේ රටේ මහින්දානන්ද ඇමතිතුමා මොණරෙක් වගේ පිල් විදහාගෙන නටනවා හැබැයි පස්ස එලියට දාගෙන ඉන්නේ. මතක තියා ගන්න… පස්ස එලියට දාගෙන ඉන්නේ. මොණරා නටනකොට ඉස්සරහා පිල් විදහාගෙන ඉන්නවා. මම එතුමට කියන්න කැමති, ඔය වළ හාරන එකනේ කරන්නේ. තව වළ හාරන්න කියන්න. තව හාරනකොට කුණු ගඳ එනවා පල්ලෙහාටම ගියාම. ගහන්න ඕනේ නම් අපිට ගහන්න.. අපේ පක්ෂ නායකයාට ගහන්න එපා..” රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හැමදාම අපි හිටියේ නිවැරදි තැන - ශිරානි අගවිනිසුරුතුමිය ගෙදර යවන්න යද්දි අපි විරුද්ධ වුණා
01:08
Video thumbnail
159ය හිතන්න පුළුවන් පාර්ලිමේන්තුවේ දිනන්න පුළුවන් කියලා - ජන බලයෙන් මේ පාලනය අපි ගෙදර යවනවා
00:55
Video thumbnail
රටට තියෙන එකම විකල්පය සජබය - කල හැකි හැමදේම අදත් කරනවා හෙටත් කරනවා
01:47
Video thumbnail
සිපිරිගෙයට ගිය නාමල් ගැන ඇමති නලින්ද කට අරියි - අපරාධය කරපු අය තමයි දන්නේ සම්බන්ධය
01:59
Video thumbnail
එයාර් බස් ගනුදෙනුවට සම්බන්ධ යැයි කියන නාමල්ගේ නඩු විභාගය සිදුවුණු හැටි - මුදල් දුන් බවට සාක්ෂි නැ
05:17
Video thumbnail
2029 ජනපති නාමල් රාජපක්ෂ..ඒක හදවතින් කියන්නේ - "හිරේ දාලා පොඩි චූන් එකක් ගනිල්ලා"
00:34
Video thumbnail
නාමල් වෙනුවෙන් පෙරට ආ මිනිස්සු - "අපේ සිංහ පැටියා ඇතුළට දැම්මේ - එසේ මෙසේ පුතෙක් නෙවෙයි"
01:56
Video thumbnail
"අපේ සිංහ පැටියා තමයි නාමල් රාජපක්ෂ.. එඩිතර සිංහ පැටියව බය කරන්න බෑ"
00:20
Video thumbnail
"මමනම් හිතන්නේ අනුර, නාමල්ට බය වුණා"
00:20
Video thumbnail
විලංගු වැටුණු නාමල් රාජපක්ෂ වැලිකඩට පැමිණි අයුරු - මෙන්න එම දර්ශන
00:51