AFC Banner
Empty Ad
Empty Ad

මහවැලි අධිකාරියේ මෙහෙවර සහ දැක්ම යළි සකස් කරන ලෙසට කෝප් කමිටුවෙන් උපදෙස්

මහවැලි අධිකාරියේ සේවාවන් කාර්යක්ෂමව සහ ගුණාත්මකව ඉටු කිරීමට අපොහොසත් වීම හේතුවෙන් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සභාපති රංජිත් බණ්ඩාර මහතා එම අධිකාරියේ යල් පැන ගිය ‘මෙහෙවර ප්‍රකාශනය සහ ප්‍රධාන කාර්ය සාධන දර්ශක සම්බන්ධයෙන් විරෝධය පළ කර තිබෙනවා.

‘පුරවැසියන්ගේ ජීවන මට්ටම ඉහළ නැංවීම’ අධිකාරියේ දැක්මට අනුව මූලික අරමුණක් ලෙස සදහන්ව තිබුණද එය ඉටු නොවීම පිළිබඳව කමිටු සභාපතිවරයා කමිටුව ආරම්භයේදීම සිය අප්‍රසාදය පළ කරනු ලැබුවා.

ඒ අනුව මහවැලි අධිකාරියේ ප්‍රතිපත්ති සහ භාවිතයන් පරීක්ෂා කර නවීන ලෝකය වඩා ගැළපෙන පරිදි මෙහෙවර සහ දැක්ම යළි සකස් කරන ලෙසටයි ඔහු මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට උපදෙස් දුන්නේ.

එසේම අධිකාරිය විසින් ඉඩම් වෙන්කිරීමේ ක්‍රියාවලියේදී ඩිජිටල් යටිතල පහසුකම් භාවිතා නොකිරීම පිළිබඳව වැඩිදුරටත් විමසා සිටි අතර එය ශක්තිමත් කිරීමට පියවර ගන්නා ලෙස ද උපදෙස් දී තිබෙනවා.

ඊට අමතරව ඉඩම් පැවරීම සම්බන්ධයෙන් පහත සඳහන් කරුණු ඉදිරිපත් කරන ලෙසටයි කාරක සභාව අධිකාරියට නියෝග කළේ.

  • දැනට පවතින ඉඩම් පැවරීමේ ක්‍රියා පටිපාටිය පිළිබඳ වාර්තාවක් සති 02ක් ඇතුළත ඉදිරිපත් කිරීම
  • ආයෝජන අරමුණු සඳහා ඉදිරිපත් කරන ලද ඉඩම්වල ආයෝජකයාගේ විස්තර, ආයෝජනයේ අරමුණ, අනුගමනය කළ ක්‍රියා පිටිපාටිය යනාදිය ඇතුළත්ව සම්පූර්ණ වාර්තාවක් සති 02ක් ඇතුළත ඉදිරිපත් කිරීම
  • අධිකාරියට අයත් ඉඩම් වපසරියන් තුළ සිදුවන අනවසර ඉදිකිරීම් පිළිබඳ වාර්තාවක් මාස 01ක් ඇතුළත ඉදිරිපත් කිරීම.

මහවැලි අධිකාරියේ 2022 වර්ෂයට අදාළව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්ෂික වාර්තාව සහ විගණකාධිපති කාර්යාලය විසින් නිරීක්ෂණය කළ දත්ත අතර නොගැලපීම හේතුවෙන් එම වසරට අදාළව නිකුත් කරන ලද සියලුම ඉඩම් පිළිබඳ වාර්තාවක් කඩිනමින් ලබා දෙන ලෙස ද මෙහිදී උපදෙස් දෙනු ලැබුවා.

ඒ එම ඉඩම් නිකුත් කිරීම අත්හිටුවන ලෙස ජනාධිපතිවරයා විසින්ද නියෝගයක් ලබා දී ඇති පසුබිමකයි.

අධිකාරියේ බඳවා ගැනීමේ ක්‍රියාවලිය මෙහිදී පරීක්ෂාවට ලක් වූ අතර, දැනට සිටින අභ්‍යන්තර කාර්ය මණ්ඩලයට උසස්වීම් ලබාදීම සදහා පවතින පුරප්පාඩු සම්පූර්ණ කිරීමේ ප්‍රමාදයක් පවතින බව මෙහිදී නිරීක්ෂණය වුණා. ඒ අනුව එම පුරප්පාඩු ඉදිරි දින 60 තුළ වහාම පිරවීමට කටයුතු කරන ලෙසටයි කෝප් කමිටු සභාපතිවරයා නියෝග කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වඩිවෙල්ට - තොණ්ඩමන්ට - දිගම්බරන්ට මාලිමාවෙන් ඇන්න ටොක්ක - මාලිමා ප්‍රබලයෙක් වතුකරයට රිංගයි
01:27
Video thumbnail
ලක් අම්මට වෙච්ච නස්පැත්තිය ගැන සජබ ප්‍රබලයෙක් කටඅරී #sajithpremadasa
03:06
Video thumbnail
Breaking News🛑ඉන්දියාවේ තවත් බිහිසුණු දුම්රිය අනතුරක් #india #globalnews #breakingnews
01:07
Video thumbnail
වැඩ්ඩො දෙන්නෙක් සුද්දියොත් පුදුම වෙලා #shorts #viralvideo #trendingshorts #1miillionaudition
00:16
Video thumbnail
ජනමතය විකෘති තත්ත්වයක තියෙන්නේ - රටට හදන වැඩපිළිවෙල තියෙන්නේ අපි ගාව විතරයි #sjb
02:25
Video thumbnail
නිවැරදි කෙනෙක් බොරුවට සැක කළාම ප්‍රශ්න ගොඩක් මතුවෙන් පුළුවන්
08:25
Video thumbnail
ඇරෙස්ට් කරන්න මාව.. අශේන් දාපු සද්දේ
01:14
Video thumbnail
KASTHIRAMA |හි.පා.ම. ආශු මාරසිංහ සහ ජාතික ජන බලවේගයේ විධායක සභික නාමල් කරුණාරත්න සහභාගීවන කස්තිරම
01:38:40
Video thumbnail
අපි වාහන සංදර්ශන දැම්මේ නෑ.. වුණේ මේකයි
05:26
Video thumbnail
රනිල් ගිය පාරේ යන නිසා රට වැටෙන්නේ නෑ
02:28

?