මහවැලි අධිකාරියේ මෙහෙවර සහ දැක්ම යළි සකස් කරන ලෙසට කෝප් කමිටුවෙන් උපදෙස්

මහවැලි අධිකාරියේ සේවාවන් කාර්යක්ෂමව සහ ගුණාත්මකව ඉටු කිරීමට අපොහොසත් වීම හේතුවෙන් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සභාපති රංජිත් බණ්ඩාර මහතා එම අධිකාරියේ යල් පැන ගිය ‘මෙහෙවර ප්‍රකාශනය සහ ප්‍රධාන කාර්ය සාධන දර්ශක සම්බන්ධයෙන් විරෝධය පළ කර තිබෙනවා.

‘පුරවැසියන්ගේ ජීවන මට්ටම ඉහළ නැංවීම’ අධිකාරියේ දැක්මට අනුව මූලික අරමුණක් ලෙස සදහන්ව තිබුණද එය ඉටු නොවීම පිළිබඳව කමිටු සභාපතිවරයා කමිටුව ආරම්භයේදීම සිය අප්‍රසාදය පළ කරනු ලැබුවා.

ඒ අනුව මහවැලි අධිකාරියේ ප්‍රතිපත්ති සහ භාවිතයන් පරීක්ෂා කර නවීන ලෝකය වඩා ගැළපෙන පරිදි මෙහෙවර සහ දැක්ම යළි සකස් කරන ලෙසටයි ඔහු මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට උපදෙස් දුන්නේ.

එසේම අධිකාරිය විසින් ඉඩම් වෙන්කිරීමේ ක්‍රියාවලියේදී ඩිජිටල් යටිතල පහසුකම් භාවිතා නොකිරීම පිළිබඳව වැඩිදුරටත් විමසා සිටි අතර එය ශක්තිමත් කිරීමට පියවර ගන්නා ලෙස ද උපදෙස් දී තිබෙනවා.

ඊට අමතරව ඉඩම් පැවරීම සම්බන්ධයෙන් පහත සඳහන් කරුණු ඉදිරිපත් කරන ලෙසටයි කාරක සභාව අධිකාරියට නියෝග කළේ.

  • දැනට පවතින ඉඩම් පැවරීමේ ක්‍රියා පටිපාටිය පිළිබඳ වාර්තාවක් සති 02ක් ඇතුළත ඉදිරිපත් කිරීම
  • ආයෝජන අරමුණු සඳහා ඉදිරිපත් කරන ලද ඉඩම්වල ආයෝජකයාගේ විස්තර, ආයෝජනයේ අරමුණ, අනුගමනය කළ ක්‍රියා පිටිපාටිය යනාදිය ඇතුළත්ව සම්පූර්ණ වාර්තාවක් සති 02ක් ඇතුළත ඉදිරිපත් කිරීම
  • අධිකාරියට අයත් ඉඩම් වපසරියන් තුළ සිදුවන අනවසර ඉදිකිරීම් පිළිබඳ වාර්තාවක් මාස 01ක් ඇතුළත ඉදිරිපත් කිරීම.

මහවැලි අධිකාරියේ 2022 වර්ෂයට අදාළව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්ෂික වාර්තාව සහ විගණකාධිපති කාර්යාලය විසින් නිරීක්ෂණය කළ දත්ත අතර නොගැලපීම හේතුවෙන් එම වසරට අදාළව නිකුත් කරන ලද සියලුම ඉඩම් පිළිබඳ වාර්තාවක් කඩිනමින් ලබා දෙන ලෙස ද මෙහිදී උපදෙස් දෙනු ලැබුවා.

ඒ එම ඉඩම් නිකුත් කිරීම අත්හිටුවන ලෙස ජනාධිපතිවරයා විසින්ද නියෝගයක් ලබා දී ඇති පසුබිමකයි.

අධිකාරියේ බඳවා ගැනීමේ ක්‍රියාවලිය මෙහිදී පරීක්ෂාවට ලක් වූ අතර, දැනට සිටින අභ්‍යන්තර කාර්ය මණ්ඩලයට උසස්වීම් ලබාදීම සදහා පවතින පුරප්පාඩු සම්පූර්ණ කිරීමේ ප්‍රමාදයක් පවතින බව මෙහිදී නිරීක්ෂණය වුණා. ඒ අනුව එම පුරප්පාඩු ඉදිරි දින 60 තුළ වහාම පිරවීමට කටයුතු කරන ලෙසටයි කෝප් කමිටු සභාපතිවරයා නියෝග කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නලින්ද ඉදිරියේ නාමල් ආගම ගැන කිව්ව දේ - මොන දේශපාලන පක්ෂ තිබ්බත් රටේ ආගම ආරක්ෂා කළ යුතුයි
03:38
Video thumbnail
අපි මේ මුළු පද්ධතියම වෙනස් කරන්න වැඩ කරන්නේ - නීතිඥ සංගමය ඔවුන්ගේ ස්ථාවරය කිව්වා
02:20
Video thumbnail
නාමල් - ඇමති නලින්ද එකට හමුවූ මොහොත..දෙන්නා හිනාවෙවී ලොකු කතාවක්
03:58
Video thumbnail
මෙවර උසස් පෙළ විභාගයට අදාළ කිසිදු ප්‍රශ්න පත්‍රයක් පිටවී නොමැත - රැවටෙන්න එපා
01:11
Video thumbnail
වත්තල වෙ# තැබීමේ සිද්ධියේ සැකකරුවන් ඉන්දියාවේ සිට පිටුවහල් කර එවයි
01:23
Video thumbnail
මහ පාරේ රේස් යන බස් රථ
00:39
Video thumbnail
නාමල් - නලින්ද හමුවෙයි
00:38
Video thumbnail
අවුරුදු 4ක පුංචි දරුවෙක්ව පාළු පාරක දාලා ගිය හැටි මෙන්න
00:46
Video thumbnail
රෝහලේ අවසන් ගමන් ගිය කාන්තාවගේ ගෙදරට හොරු පැනලා ෆුල් සුද්දයක් දීලා
02:11
Video thumbnail
කවුරුත් බයවෙන්න එපා - විදුලිය කපන්නේ නෑ
02:10