මහනුවර ඓතිහාසික ඇසළ පෙරහැර මංගල්‍යයේ ප්‍රථම රන්දෝලි පෙරහැර අද (23) වීථි සංචාරය කිරීමට නියමිතයි.
අද (23) පස්වරු 6.44ට යෙදී ඇති සුබ මොහෙතින් වීථි සංචාරය අරඹන පළමු රන්දෝලි පෙරහැර දළදා වීදිය, පන්සල් වීදිය, දේව වීදිය, කොළඹ වීදිය, කොටුගොඩැල්ල වීදිය, හරස් වීදිය, ඩී.එස් සේනානායක වීදිය, රජ වීදිය ඔස්සේ ඉහළට විත් ගෙවදීමට නියමිත බවයි දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල සඳහන් කළේ.
මේ අතර පෙරහැර පැවැත්වෙන කාලය තුළ මහනුවර නගරය තුළ විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක කර ඇති අතර එම කාලයේ දී භාවිත කළ හැකි විකල්ප මාර්ග ද පොලීසිය විසින් හඳුන්වා දී තිබෙනවා.















