spot_imgspot_img

මහජන ආරක්ෂක ඇමති කටුනායක ගුවන් තොටුපොලේ නිරීක්ෂණයක

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලෙහි නිරීක්ෂණ චාරිකාවකට සහාභාගී වී තිබෙනවා.

එහිදී මගීන් පැමිණීමේ පර්යන්තයෙහි සහ පිටවීමේ පර්යන්තයෙහි පිහිටුවා ඇති ආගමන විගමන නිලධාරීන්ගේ කවුලු නිරික්ෂණය කළ අමාත්‍යවරයා ගුවන් මගීන්ට කාර්යක්ෂම සහ ඵලදායී සේවාවක් ලබාදීමට මෙන්ම අනෙකුත් ජාත්‍යන්තර ගුවන් තොටුපල තත්ත්වයන්ට අනුකූලව ආගමන විගමන සේවාවන් ලබාදිය හැකි භූමි සැලසුම පිළිබඳව සාකච්ඡා කරනු ලැබුවා.

එමෙන්ම නව e-gate කවුන්ටර පිහිටුවීම සම්බන්ධව ද මෙහිදී ඔහුගේ අවධානයට යොමු වූ බව සඳහන්.

තවද නව CCTV කැමරා පාලන මධ්‍යස්ථානයක් පිහිටුවීමට ද මෙහිදී මහජන ආරක්ෂක අමාත්‍යවරයා උපදෙස් ලබා දුන් අතර මෙම කැමරා පද්ධතිය නව තාක්ෂණික මෘදුකාංග මගින් දත්ත විශ්ලේෂණය කළ හැකි ආකාරයෙන් යුක්ත වන බවයි අමාත්‍යවරයා මෙහිදී පැහැදිළි කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
3
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?