අක්කරපත්තුව පොලිස් වසමේ සිල්වකොඩිආරු ගඟෙහි මසුන් ඇල්ලීමට ගිය පුද්ගලයෙකු අතුරුදන් වී ඇති බවට පසුගිය 19 වැනිදා අක්කරපත්තුව පොලිස් ස්ථානයට ලද පණිවිඩයක් මත විර්මශන ආරම්භ කර තිබෙනවා.
ඒ අනුව, ඊයේ (20) දින අතුරුදන් වූ පුද්ගලයාගේ සිරුර එම ගඟේ පා වෙමින් තිබී ඇති අතර කිඹුලන් විසින් සපා කා දමා ඇති බවට විමර්ශනයේදී අනාවරණය වී ඇති බව පොලිසිය පවසනවා.
මරණකරු අවුරුදු 60 ක් වූ අලිගම්බේ ප්රදේශයේ පදිංචිකරුවෙක්.
අක්කරපත්තුව පොලිසිය විසින් වැඩිදුර විර්මශන සිදු කරනු ලබනවා.










