මසුන් අල්ලන්න ගිය තරුණයා පාලමෙන් වැටි මියයයි

යාපනය අච්චුවේලී වල්ලෙයි පාලම මත මසුන් ඇල්ලීමට ගිය තරුණයෙකු පාලමෙන් වැටී අතුරුදහන්ව සිටියදී දිනකට පසු මළසිරුර නාවික හමුදාවෙන් සොයාගත් බවට අච්චුවේලී පොලීසිය පවසයි.

අතුරුදහන් වූ තරුණයා තවත් මිතුරන් කිහිප දෙනෙකු සමගින් පසුගිය 22 වනදා වල්ලෙයි පාලමට ගොස් ඇති අතර එහිදී එකවරම එම තරුණයා පලමෙන් වැටී ජලයේ ගිලීමෙන් අතරුදහන්ව ඇත.

පසුව ඒ පිළිබඳව අච්චුවේලී පොලීසියට දැනුම් දීමෙන් අනතුරුව ප්‍රදේශවාසීන් හා ධීවරයින් එක්ව පොලීසිය විසින් අතුරුදහන් වූ තරුණයා 22 වනදා සවස් වනතුරුම සෙව්වද සොයා ගැනීම නොහැකි වූ අතර පසුව පොලීසිය විසින් ඒ පිළිබඳව නාවික හමුදාවට දැනුම් දෙනු ලැබිය.

අනතුරුව යාපනය නාවික හමුදාවේ කිමිදුම් අංශ නිලධාරීන් පැමිණ සෝදිසි කිරීමේදී අතුරුදහන් වූ තරුණයාගේ සිරුර සොයාගනු ලැබීය.

මෙලෙස දියේ ගිලීමෙන් මිය ගොස් ඇත්තේ පූදූර් ප්‍රදේශයේ පදිංචි 19 හැවිරිදි බාස්කරන් තිලක්ෂණ නැමති අයෙකු වන අතර ඔහුගේ මළ සිරුර පස්චාත් මරණ පරික්ෂණය වෙනුවෙන් යාපනය ශික්ෂණ රෝහලේ තැන්පත් කොට ඇත.

මිය ගිය තරුණයා සමග මසුන් ඇල්ලීමට ගිය තරුණයින්ගෙන් පශ්න කිරීම් සිදුකොට අදාල මරණය සමබන්ධයෙන් වැඩිදුර පරික්ෂනයක් සිදුකරන බවටද අච්චුවේලී පොලීසිය වැඩිදුරටත් පැවසීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුවට මිනිස්සු කුණුහරුපෙන් බනින දවස වැඩි ඈතක නෑ..සුජාතභාවය රට තුළින් විනාශවෙලා
03:34
Video thumbnail
ට්‍රම්ප් - නෙතන්යාහු අතර හදිසි දුරකථන සංවාදයක් එළියට..ඉස්ලාමාබාද් කැළඹෙයි
05:47
Video thumbnail
ජනතාව ඉතිහාසයේ වැඩිපුරම විශ්වාස කරපු ආණ්ඩුව..ජනතාවට රිදෙනකොට උත්තර දෙයි
02:18
Video thumbnail
අපි නෙවෙයි පරාද ජනතාව පරාද..පට්ට හොරෙක් තාම ඇමතිකමේ ඉන්නවා..දූෂණ විරෝධි ආණ්ඩුකරණය අදින් ඉවරයි
03:15
Video thumbnail
මිනිස්සු පොලිස් බැරියල් කඩාගෙන යන්න හදයි - දැඩි උණුසුම් තත්ත්වයක්
00:50
Video thumbnail
නාමල් රාජපක්ෂ එයාගේ උපන්දිනය පවුලත් එක්ක සමරපු හැටි
00:37
Video thumbnail
නාමල් රාජපක්ෂ එයාගේ උපන්දිනය පවුලත් එක්ක සමරපු හැටි.. එයාලගේ මූහුණුවල තියෙන සතුට
01:00
Video thumbnail
හෙට උදේ 8න් පස්සේ වෛද්‍ය වැඩවර්ජනය අවසන්..මෙයාලට සාකච්ඡා පුරුදු නැහැ
05:17
Video thumbnail
මුජිබුර් බලශක්ති ඇමතිට හොඳම එකෙන් දෙසයි - ලැජ්ජා නහරය පැලවත්තෙදි අයින් කරලා
06:22
Video thumbnail
රු. කෝටි 62ක දැවැන්ත ලොතරැයි ජය මල්ලට උරුමකම් කියූ වාසනාවන්තයා
07:21