මස්කෙලිය රෝහලේ රෝගියෙක් ගෙන ආ පිරිසක් යකා නටයි

මස්කෙලිය ප්‍රාදේශිය රෝහලට (07) දින රාත්‍රියේ පැමිණි පිරිසක් රාජාකාරියේ යෙදි සිටි වෛද්‍යවරයෙකුට සහ කාර්ය මණ්ඩලයේ පිරිසකට බැන තර්ජනය කර රෝහලේ ප්‍රදර්ශනය කර තිබු කොවිඩ් 19 සෞඛ්‍ය ආරක්ෂිත උපදෙස් දැන්විම් පුවර ඉරා දමා ඇති බව වාර්තා වනවා.

(07) දින රාත්‍රි 11.00ට පමණ ශ්වසන ආබාධයක් සහිත රෝගියෙකු රැගෙන පිරිසක් රෝහල වෙත පැමිණි ඇති අතර පසුව එම රෝගියාව පරික්ෂා කර රෝගියාගේ රෝග ලක්ෂණ අනුව ක්ෂණිකව එම රෝගියාව දික්ඔය මුලික රෝහලට මාරු කර යවා තිබේ.

දිස්ත්‍රික් වෛද්‍යය නිලධාරිනිය කියා සිටියේ රෝහල වෙත ඇතුලත් කල රෝගියා දික්ඔය මුලික රෝහල වෙත මාරු කර යැවිමට විරෝධය පාමින් රෝහල වෙත රෝගියා සමග පැමිණි 70 පමණ පිරිසක් වෛද්‍යවරයාට සහ කාර්ය මණ්ඩලයට බැන තර්ජනය කර වෛද්‍යවරයාගේ මොටර් රථයට සහ රෝහලේ ගිලන් රථයට පහර දි රෝහලේ ප්‍රදර්ශනය කර තිබු සෞඛ්‍ය ආරක්ෂිත දැන්විම් කිහිපයක්ද ඉරා ඇති බවයි.

දික්ඔය මුලික රෝහල වෙත මාරු කර යවන ලද රෝගියා දික්ඔය මුලික රෝහල වෙත ඇතුලත් කිරිමෙන් පසු මියගොස් ඇති බවත් , මිය ගිය රෝගියාගේ සිදු කරන ලද ඇන්ටිජන් පරික්ෂාවේදි එම රෝගියාට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවට තහවුරු වි ඇති බවද දිස්ත්‍රික් වෛද්‍යවරිය පැවසිය.

මස්කෙලිය ප්‍රාදේශිය රෝහල කොවිඩ් 19 ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වශයෙන් ස්ථාපනය කිරිමට ප්‍රතිසංස්කරණ කටයුතු මේ දිනවල රෝහල තුල සිදු කරන නිසා නේවාසික රෝගින් ඇතුලත් කර නොගන්නා බවත්, සිද්ධිය සම්බන්ධයෙන් මස්කෙලිය පොලිසිය වෙතපැමිණිල්ලක් කර ඇති බව මස්කෙලිය ප්‍රාදේශිය රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරිනි එල්.එල්.ආර්.අයි දිලක්ෂි මහත්මිය කියා සිටියා.

https://youtu.be/8OtlRUHeriE
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිහින්තලේ හිමි ආණ්ඩුවට ගැමි උපකරණ ගැන Review එකක් දෙයි.."මෙන්න හුන්ඩුව..තවමත් හුන්ඩු මානසිකත්වයේනේ"
03:51
Video thumbnail
හුන්ඩුව නිසා විමල්ට නහුතෙටම තදවෙයි..විපක්ෂයේ ගොබිලයොන්ට මේක තේරෙන්නේ නෑ
05:09
Video thumbnail
නොරොච්චෝල ගල් අඟුරු බලාගාරයේ චිමිනියකින් විශාල කළු දුමාරයක්
00:09
Video thumbnail
හෙක්ටර් පාර්ලිමේන්තුවේ කළ ප්‍රබල හෙළිදරව්ව..කල්පිටිය ප්‍රදේශයම කළු දුමාරයකින් වැහිලා ගිහින්
02:31
Video thumbnail
ලංකාවට කාටවත් කිසිම බලපෑමක් කරන්න බෑ..නාවික හමුදාව ජාත්‍යන්තර නීතිය අකුරට පිළිපැදලා තියෙන්නේ..
06:17
Video thumbnail
"ලි#ගික අල්ලස් නොදුන් නිසා කාන්තාවක් හිරේට දාලා"රෝහිණී පාර්ලිමේන්තුවම දෙවනත් කරයි
12:41
Video thumbnail
මැදපෙරදිග යුධ උණුසුම ශ්‍රී ලංකාවටත් - කමේනිගේ අනුප්‍රාප්තිකයා අවධානමක
04:28
Video thumbnail
මිනිස්සු රට යවනවා යැයි පොල්ල තිබ්බ කුරුණෑගල ඒජන්සියක පැටිකිරිය හෙළිවෙයි.. අපිව මුලා කළා
04:21
Video thumbnail
ඉන්දියානු සාගරයේ සාමය වෙනුවෙන් හැමදේම කරනවා..නෞකාව ගැන තොරතුරු ලැබුණ හැටි නලින්ද හෙළිකරයි
06:26
Video thumbnail
හිටපු ජනපති රනිල් කමේනිට ශෝකය පල කරන්න ඉරාන තානාපති කාර්යාලයට
02:33