spot_imgspot_img

මවක සහ මාස එකොලහක දැරියක නොයෙන ගමන් යැවූ හිටපු යුධ හමුදා සෙබළාට අත් වූ ඉරණම

අගුරුවාතොට ඌරුතුඩාව ප්‍රදේශයේ කැලෑවක තරුණ මවක සහ මාස එකොලහක දැරියක ඝාතනය කිරීම සම්බන්දයෙන් චෝදනා එල්ලවී කළුතර මල්වත්ත බන්ධනාගාරයේ රදවා සිටී හිටපු යුධහමුදා සෙබළෙකු වන සැකකරු ගෙලවැලලාගෙන මියගොස් ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි .

මෙසේ මියගොස් ඇත්තේ වරකාගොඩ සල්ගස් වත්ත මාවත ප්‍රදේශයේ පදිංචිව සිටී ඒඒඩී ප්‍රියාන් මධුරංග නමැති පුද්ගලයකු බව පොලිසිය කීය.

සැකකරු අගුරුවාතොට ඌරුතුඩාව ප්‍රදේශයේ පදිංචිව සිටී 24 හැව්රිදි වාසනා කුමාරී සහ මාස 11 ක් වයසැති බිළිදිය ඝාතනය කිරීම සම්බන්දයෙන් අගුරුවාතොට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන හොරණ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රිමාන්ඩ් බන්ධනාගාර ගතකර තිබුණි.

මෘතදේහය පශ්චාත් මරණ පරීක්ෂණය සදහා කළුතර ශීක්ෂණ රෝහලේ තැන්පත් කර ඇති බව රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි .

කළුතර උතුර පොලිසිය පරීක්ෂණ පවත්වති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
12
+1
2
+1
2
+1
2
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?