AFC Banner
Empty Ad
Empty Ad

“මම මියගියේ නැහැ” – මියගිය බවට වාර්තා පළ වූ පූනම් පාණ්ඩේ ජීවතුන් අතර (වීඩියෝ)

ගැබ්ගෙල පිළිකාවකින් මිය ගිය බව කියූ බොලිවුඩ් රංගන ශිල්පිණියක් සහ නිරූපිකාවක් වූ පූනම් පාණ්ඩේ මියගොස් නොමැති බව වාර්තා කරනවා.

පූනම් පාණ්ඩේ සිය නිල ඉන්ස්ටග්‍රෑම් ගිණුමට පණිවුඩයක් එක්කරමින් අද (03) සඳහන් කළේ ගැබ්ගෙල පිළිකාවක් හේතුවෙන් තමා මියගොස් නොමැති බවයි.

ඇය සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුම ඔස්සේ තමන් මිය නොගිය බවට මෙලෙස ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන්නේ, ඇය මියගිය බවට ඇයගේ කළමනාකරු විසින් ප්‍රකාශයට පත්කර දිනකට පසුවයි.

සමාජයේ ප්‍රමාණවත් ලෙස කතා නොකරන ගැබ්ගෙල පිළිකාව ගැන කතා කිරීමට සියලු දෙනාගේ අවධානයට ලක්කිරීම වෙනුවෙන් අදාළ ප්‍රයෝගය සිදුකළ බවයි පූනම් පාණ්ඩේ අද (03) දිනයේ ඇයගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුමට එක්කළ පණිවුඩයෙන් දන්වා සිටියේ.

කෙසේ වෙතත් පූනම් පාණ්ඩේ ගැබ්ගෙල පිළිකාවකින් මිය ගිය බවට පළවූ වාර්තාවට ඉන්දීය මාධ්‍ය මෙන්ම මෙරට මාධ්‍ය ද ඊයේ දිනයේ පුළුල් ප්‍රචාරයක් ලබා දුන්නා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
5
+1
2
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?