“මම මියගියේ නැහැ” – මියගිය බවට වාර්තා පළ වූ පූනම් පාණ්ඩේ ජීවතුන් අතර (වීඩියෝ)

ගැබ්ගෙල පිළිකාවකින් මිය ගිය බව කියූ බොලිවුඩ් රංගන ශිල්පිණියක් සහ නිරූපිකාවක් වූ පූනම් පාණ්ඩේ මියගොස් නොමැති බව වාර්තා කරනවා.

පූනම් පාණ්ඩේ සිය නිල ඉන්ස්ටග්‍රෑම් ගිණුමට පණිවුඩයක් එක්කරමින් අද (03) සඳහන් කළේ ගැබ්ගෙල පිළිකාවක් හේතුවෙන් තමා මියගොස් නොමැති බවයි.

ඇය සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුම ඔස්සේ තමන් මිය නොගිය බවට මෙලෙස ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන්නේ, ඇය මියගිය බවට ඇයගේ කළමනාකරු විසින් ප්‍රකාශයට පත්කර දිනකට පසුවයි.

සමාජයේ ප්‍රමාණවත් ලෙස කතා නොකරන ගැබ්ගෙල පිළිකාව ගැන කතා කිරීමට සියලු දෙනාගේ අවධානයට ලක්කිරීම වෙනුවෙන් අදාළ ප්‍රයෝගය සිදුකළ බවයි පූනම් පාණ්ඩේ අද (03) දිනයේ ඇයගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුමට එක්කළ පණිවුඩයෙන් දන්වා සිටියේ.

කෙසේ වෙතත් පූනම් පාණ්ඩේ ගැබ්ගෙල පිළිකාවකින් මිය ගිය බවට පළවූ වාර්තාවට ඉන්දීය මාධ්‍ය මෙන්ම මෙරට මාධ්‍ය ද ඊයේ දිනයේ පුළුල් ප්‍රචාරයක් ලබා දුන්නා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වසර දෙක තුළ තේ කර්මාන්තයේ දැවැන්ත කඩා වැටීමක් - මිලියන 400ක ඉලක්කයට යනවා කියන්නේ හීනයක්
08:14
Video thumbnail
රාජගිරිය ප්‍රදේශයට ඇදහැලෙන මහ වැස්ස
01:56
Video thumbnail
බොහෝ ස්ථානවලට අදත් ගිගුරුම් සහිත තද වැසි - කැළඹිලි ස්වාභාවය හෙට දිවයිනෙන් ඉවතට
04:25
Video thumbnail
රුමේෂ් තරංග සංවේදී වී කිව්ව දේ - වෙනදා වගේ සතුටින් නෙවෙයි එළියට ආවේ..ඇත්තටම දුකයි
01:58
Video thumbnail
කොටි නැගිටිනවා කිව්ව අයයි අපි කොටි කිව්ව ඔක්කොම එක වේදිකාවේ එකතු වුණා - මන්ත්‍රීගෙන් සැර කතාවක්
04:50
Video thumbnail
හතර වටේ රැස්වීම් තියන්නේ ඡන්දයක් ළඟයිද ? - පැය 24 පුරාම ජනතාව සමඟ දිවා රාත්‍රී අපි මහන්සි වෙනවා
01:44
Video thumbnail
රුමේෂ්ගේ හෙල්ල කිහිපයකටම හානි
01:02
Video thumbnail
අහුන්ගල්ලේ "කුඩු නෝනිට" පත්තු වූ වෙ#
00:41
Video thumbnail
ගුවන් ගමනේ දී රුමේෂ්ගේ හෙල්ල කිහිපයකට හානි - රුමේෂ් තරංග දිවයිනට
01:16
Video thumbnail
අහුන්ගල්ලේ "කුඩු නෝනිට" පත්තු වූ වෙ# - ගිනි අවිය ක්‍රියාත්මක නොවීම හේතුවෙන් වෙ#ක්කරු පැන ගිහින්
00:46