මන්කිපොක්ස් ගැන ඇසෙන ඇඟ හිරිවැටෙන පුවතක්

මන්කිපොක්ස් ආසාදිතයන් 3,800කට වැඩි සංඛ්‍යාවක් වාර්තා වී තිබේ. මේ බව අනාවරණය කර තිබුණේ එරට රෝග පාලනය සහ වැළැක්වීම පිළිබඳ මධ්‍යස්ථානයය.

මෙම තත්ත්වය හමුවේ රට තුළ සෞඛ්‍යමය හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරනවාද යන්න සම්බන්ධයෙන් රජය සලකා බලමින් සිටින බව ද සඳහන් වේ.

ගෝලීය වශයෙන් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයන් ගණන 18,000කට ආසන්නය. රටවල් 75කට ආසන්න සංඛ්‍යාවක මේ වනවිට මන්කිපොක්ස් වයිරසය පැතිරෙමින් ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරයි.

ඇමරිකාවට පසු වැඩිම සංඛ්‍යාවක් ආසාදිතයන් වාර්තා වී ඇත්තේ ස්පාඤ්ඤයෙනි. එරටින් ආසාදිතයන් 3,100කට වැඩි සංඛ්‍යාවක් වාර්තා වී ඇත. ආසාදිතයන් සංඛ්‍යාව අතින් තුන්වැනි සහ හතරවැනි ස්ථානවල සිටින්නේ ජර්මනිය සහ එක්සත් රාජධානියය. එම රටවලින් වාර්තා වී ඇති ආසාදිතයන් සංඛ්‍යා පිළිවෙළින් 2,350ක් සහ 2,200කි.

ඇමරිකාව තුළ ආසාදිතයන් වාර්තා වීම ඉහළ යමින් ඇති තත්ත්වය යටතේ එය මර්දනය කිරීම සඳහා රජය ක්‍රියාමාර්ග ගනිමින් සිටියි. මෙම කටයුතු ධවල මන්දිරයේ සිට අධීක්‍ෂණය කිරීම සඳහා විශේෂ සම්බන්ධීකරණ නිලධාරියකු පත් කිරීමට නියමිතය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහ පාර යටින් මතුවූ පතල..එක පතලක් පටන් ගන්නේ කඩ කාමරයකින්
03:45
Video thumbnail
විදේශගතව සැඟවී සිටින රතු නිවේදන ලැබූ සැකකරුවන් 88ක් ශ්‍රී ලංකාවට ගේනවා
04:35
Video thumbnail
ලස්සන ජීවිතය අපි ජනතාවට දෙනවා..ජනතාව කවදාවත් පරාද නෑ..හරි සතුටින් ඉන්නේ පේනවනේ
02:09
Video thumbnail
ආණ්ඩුවට මිනිස්සු කුණුහරුපෙන් බනින දවස වැඩි ඈතක නෑ..සුජාතභාවය රට තුළින් විනාශවෙලා
03:34
Video thumbnail
ට්‍රම්ප් - නෙතන්යාහු අතර හදිසි දුරකථන සංවාදයක් එළියට..ඉස්ලාමාබාද් කැළඹෙයි
05:47
Video thumbnail
ජනතාව ඉතිහාසයේ වැඩිපුරම විශ්වාස කරපු ආණ්ඩුව..ජනතාවට රිදෙනකොට උත්තර දෙයි
02:18
Video thumbnail
අපි නෙවෙයි පරාද ජනතාව පරාද..පට්ට හොරෙක් තාම ඇමතිකමේ ඉන්නවා..දූෂණ විරෝධි ආණ්ඩුකරණය අදින් ඉවරයි
03:15
Video thumbnail
මිනිස්සු පොලිස් බැරියල් කඩාගෙන යන්න හදයි - දැඩි උණුසුම් තත්ත්වයක්
00:50
Video thumbnail
නාමල් රාජපක්ෂ එයාගේ උපන්දිනය පවුලත් එක්ක සමරපු හැටි
00:37
Video thumbnail
නාමල් රාජපක්ෂ එයාගේ උපන්දිනය පවුලත් එක්ක සමරපු හැටි.. එයාලගේ මූහුණුවල තියෙන සතුට
01:00