spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මධ්‍යම කඳුකරයේ ප්‍රධාන ජලාශ සියල්ලෙහිම වාන් දොරටු විවෘත කෙරේ

කඳුකරයට ඇද හැලෙන ධාරානිපාත වැසි හේතුවෙන් විදුලි බලාගාර ආශ්‍රිත ප්‍රධාන ජලාශ සියල්ලෙහිම වාන් දොරටු විවෘත කිරීමට එහි කාර්යයභාර ඉංජිනේරුවන් කටයුතු යොදා තිබෙනවා .කියුබික් ඝන මීටර් මිලියන 721ක උපරිම ධාරිතාවයෙන් යුක්ත වික්ටෝරියා ජලාශයේ ස්වංක්‍රීය වාන් දොරටු අටම විවෘත වී තිබෙනවා.

රන්දෙණිගල ජලාශයේ වාන් දොරටු තුනක් විවෘත වී තිබෙන අතර මීටර් 2.5 බැගින් දොරටු විවෘත කිරීම නිසා තත්ත්පරයට ඝන මීටර් 1050ක ජල ධාරිතාවක් ද විදුලි උත්පාදනය මගින් තත්පරයට ඝන මීටර් 1230ක්ද රන්ටැඹේ ජලාශයට මුදා හැරෙනවා

රන්දෙණිගල ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමෙන් පහළ මහවැලි ගංගාවේ පිහිටි රන්ටැඹේ ජලාශයේ වාන් දොරටු හතරම විවෘත වී තිබෙන අතර එමගින් තත්පරයට ඝන මීටර් 1600ක ජල ධාරිතාවයක් පහළ මහවැලි ගංගාවට නිකුත් කෙරෙනු ඇති

එමෙන්ම අඛණ්ඩව ජලය මුදා හැරීම හේතුවෙන් පහළ ප්‍රදේශයේ ගංගාව පරිහරණය කරන පිරිස් විමසිලිමත් වන ලෙසත් හදිසි ගං වතුර තත්ත්වයන් පිළිබද නිවේදන පිළිබදව අවධානය යොමු කරන ලෙසත් රන්දෙණිගල කාර්යයභාර ඉංජිනේරු රුවන් බණ්ඩාරනායක මහතා දැනුම් දෙනවා .

පොල්ගොල්ල ජල හැරවුමේ වාන් දොරටු ද මේ වන විට විවෘත කර ඇතැයි එහි කාර්යයභාර ඉංජිනේරුවරයා සඳහන් කර තිබෙනවා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?