කළුතර බන්ධනාගාරයේ සිට ඊසි කෑෂ් ක්‍රමයට පවත්වාගෙන ගිය මත්ද්‍රව්‍ය ජාවාරමත් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කර ගැනිමට පොලිසිය සමත් වුණා.
ඒ, යුක්තිය මෙහෙයුම යටතේ කළුතර දී සිදුකළ වැටලීමකදීයි.
කළුතර දී යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකු සන්තකයේ තිබී හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 16 ආසන්න ප්‍රමාණයක් සොයා ගැනීමට පොලිසියට හැකි වුණා.
වැඩිදුර විමර්ශනවල දී අනාවරණය වූයේ ඔහු ප්‍රදේශයේ නිවසක් කුලියට ගෙන තවත් කාන්තාවක් සමඟ හෙරොයින් ජාවාරමේ නිරතව සිටින බවයි.
අනතුරුව පොලිසිය එම නිවස වැටලූ අතර, එහිදී නිවසේ සිටි කාන්තාව සිය ඇඳුමේ සඟවාගෙන සිටි හෙරොයින් ග්‍රෑම් 02ක් සොයා ගැනීමට හැකිව තිබෙනවා.
ප්‍රශ්න කිරීම්වල දී අනාවරණය වී ඇත්තේ මත්ද්‍රව්‍ය ජාවාරම් සහ පුද්ගල ඝාතන චෝදනා යටතේ දැනට රක්ෂිත බන්ධනාගාර ගතව සිටින ‘මතුගම මල්ටියා’ විසින් කළුතර බන්ධනාගාරයේ සිට ඊසි කෑෂ් ක්‍රමයට මෙම මත්ද්‍රව්‍ය ජාවාරම සිදුකරගෙන ගොස් ඇති බවයි.



