‘මතුගම මල්ටියා’ බන්ධනාගාරයේ සිට කරගෙන ගිය කුඩු ජාවාරමක තොරතුරු එළියට (වීඩියෝ)

කළුතර බන්ධනාගාරයේ සිට ඊසි කෑෂ් ක්‍රමයට පවත්වාගෙන ගිය මත්ද්‍රව්‍ය ජාවාරමත් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කර ගැනිමට පොලිසිය සමත් වුණා.

ඒ, යුක්තිය මෙහෙයුම යටතේ කළුතර දී සිදුකළ වැටලීමකදීයි.

කළුතර දී යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකු සන්තකයේ තිබී හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 16 ආසන්න ප්‍රමාණයක් සොයා ගැනීමට පොලිසියට හැකි වුණා.

වැඩිදුර විමර්ශනවල දී අනාවරණය වූයේ ඔහු ප්‍රදේශයේ නිවසක් කුලියට ගෙන තවත් කාන්තාවක් සමඟ හෙරොයින් ජාවාරමේ නිරතව සිටින බවයි.

අනතුරුව පොලිසිය එම නිවස වැටලූ අතර, එහිදී නිවසේ සිටි කාන්තාව සිය ඇඳුමේ සඟවාගෙන සිටි හෙරොයින් ග්‍රෑම් 02ක් සොයා ගැනීමට හැකිව තිබෙනවා.

ප්‍රශ්න කිරීම්වල දී අනාවරණය වී ඇත්තේ මත්ද්‍රව්‍ය ජාවාරම් සහ පුද්ගල ඝාතන චෝදනා යටතේ දැනට රක්ෂිත බන්ධනාගාර ගතව සිටින ‘මතුගම මල්ටියා’ විසින් කළුතර බන්ධනාගාරයේ සිට ඊසි කෑෂ් ක්‍රමයට මෙම මත්ද්‍රව්‍ය ජාවාරම සිදුකරගෙන ගොස් ඇති බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.01
01:13:01
Video thumbnail
පොහොට්ටුවේ මහ රැළියට සූදානම් වන අයුරු
00:43
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා
01:40
Video thumbnail
කෝටි ගණනක මුදල් වංචා කල මාලිමා මන්ත්‍රී කෙනෙක් රිමාන්ඩ් කරයි ?
00:22
Video thumbnail
ජපන් විශ්ව විද්‍යාලයක සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි
01:33
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ
00:54
Video thumbnail
අසරණ ජනතාවට නොමිලේ ජල බෝතල් බෙදා දුන්න උතුම් මිනිස්සු - "මේ රජය ඇත්තටම වැඩක් නෑ - මොකුත් දුන්නේ නෑ"
04:59
Video thumbnail
ජපන් සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි - බලන්නකෝ හරි අපූරුවට සිංහලෙන් කතා කරපු හැටි
06:00
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ - ඉස්සරහා පොලිසිය නෑනේද බන්
00:58
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා - "මගේ දරුවා ගත්තනම්..මළ කඳ බලන්න වෙන්නේ නෑනේ"
07:55