රුවන්වැලි මහ සෑ රඳුන් අභියස පැවැත්වෙන සත්‍යග්‍රහය සම්බන්ධ නඩුව කල්යයි

රුවන්වැලි මහා සෑ පුදබිම අබියස පැවැත්වෙන සත්‍යග්‍රහය සම්බන්ධ නඩු විභාගය එළඹෙන 20වනදා තෙක් කල් දමා තිබෙනවා.

අනුරාධපුර රුවන්වැලි මහා සෑ පුදබිම අසල පැවැත්වෙන සත්‍යග්‍රහය නවත්වා අට්ටාල ඉවත් කර කරගන්නා ලෙසට අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය මගින් ලබා දුන් නියෝගයට කරුණු දක්වමින් අද දින පූජ්‍ය බළන්ගොඩ කස්සප හිමියන් විසින් නීතිඥවරු මගින් මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු දැක්වීම සිදු කෙරුණා.

එම අවස්ථාවේදී අධිකරණයේ කරුණු දැක්වු නීතිඥවරුන් විසින් මෙම වර්ෂාපතනය මධ්‍ය යේ එම අට්ටාල ඉවත්කිරීම මගින් භික්ෂුන් වහන්සේලා වර්ෂාවෙන් පීඩා විඳිය හැකි බවට සඳහන් කරමින්, එම නියෝගය තාවකාලිකව අත්හිටුවීමට අධිකරණය වෙතින් ඉල්ලීමක් කළා.

එහෙත් මෙම අවස්ථාවේදී ඒ සම්බන්ධයෙන් නියෝගයක් ලබාදීමට නොහැකි බවටත්, මහේස්ත්‍රාත් අධිකරණය මීට පෙර ලබාදුන් නියෝගය ඒ ආකාරයෙන්ම පවත්වාගැනීමටත් නැවත මේ සම්බන්ධයෙන් 20 වන දිනට නඩු විභාගය කැඳවීමටත් අනුරාධපුර මහේස්ත්‍රාත්වරයා නියෝග ලබා දී තිබෙනවා.

මෙම නියෝගයට එරෙහිව මහාධිකරණය වෙත පෙත්සමක් ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව නීතිඥ සමන් ගලප්පත්ති ප්‍රකාශ කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බල්තසාර්ට විතරක් බොලේ පාස් කරලා හරියන්නේ නෑ
04:28
Video thumbnail
කොළඹ නගර සභා රැස්වීමේ බලධාරීන් නිදි - කොළඹ ඔයින් බේරුණා ඇති
00:37
Video thumbnail
මාලිමා නගරාධිපති පගා අරගෙන - සාගරගෙන් හෙළිදරව්වක්
14:43
Video thumbnail
අධිකරණ නියෝගය නීති විරෝධීයි - ගම්මන්පිලගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
09:13
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැදින් CCIBයට ආ ගෝඨා පිටව ගිය හැටි
00:36
Video thumbnail
මහානායක හාමුදුරුවන්ට මොළේ නෑ - මහා නායකකම දීලා අයින් වෙන්න
05:59
Video thumbnail
මරික්කාර් පොල් ගෑවද.. ප්‍රසිද්ධ නාළිකාවට මරික්කාර් කට උත්තර නැතිවෙන්නම දෙයි
04:49
Video thumbnail
ප්‍රහාරය අශිෂ්ටනම් ප්‍රතිප්‍රහාරයේ ශිෂ්ථත්වය හොයන්න ඕනේ නෑ
12:26
Video thumbnail
අපේකම කියන්නේ භාෂාව සිරිත් විරිත් විතරක් නෙමේ
02:03
Video thumbnail
ජීවිතේ ලොකු වෙනස්කම් ආරම්භ වෙන්නේ පුංචි තීරණ වලින්
01:52