spot_imgspot_img
spot_img

මත්පෙති තොගයක් සමඟ 02ක් නාවික හමුදා භාරයට

කල්පිටිය ඉරමතිව් දූපතට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ අද සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, මත්පෙති 570,000ක තොගයක් රැගත් ඩිංගි යාත්‍රාවක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

වයඹ නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා විජය ආයතනයේ කුඩා යාත්‍රාවක් යොදවා, ඉරමතිව් දූපතට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදීයි මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත්තේ.

එහිදී එම මුහුදු ප්‍රදේශය ඔස්සේ යාත්‍රා කරමින් තිබූ සැකකටයුතු ඩිංගි යාත්‍රාවක් පරීක්ෂාවට ලක් කිරීමේදී එම ඩිංගි යාත්‍රාව තුල ඇසුරුම් 10ක තිබූ නීති විරෝධී ලෙස රැගෙන ඒමට තැත් කල Pregabalin වර්ගයේ මත්පෙති 570,000ක තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු සහ එම ඩිංගි යාත්‍රාව මෙලෙස නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් වයස අවුරුදු 33 ක් හා 39 ක් වන නොරොච්චෝල ප්‍රදේශයේ පදිංචිකරුවන් බවටයි හඳුනාගෙන ඇත්තේ.

එම සැකකරුවන් දෙදෙනා සහ මත්පෙති තොගය වැඩිදුර විමර්ශණ කටයුතු සඳහා පුත්තලම මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාරදීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?