මත්පෙති තොගයක් සමඟ 02ක් නාවික හමුදා භාරයට

කල්පිටිය ඉරමතිව් දූපතට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ අද සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, මත්පෙති 570,000ක තොගයක් රැගත් ඩිංගි යාත්‍රාවක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

වයඹ නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා විජය ආයතනයේ කුඩා යාත්‍රාවක් යොදවා, ඉරමතිව් දූපතට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදීයි මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත්තේ.

එහිදී එම මුහුදු ප්‍රදේශය ඔස්සේ යාත්‍රා කරමින් තිබූ සැකකටයුතු ඩිංගි යාත්‍රාවක් පරීක්ෂාවට ලක් කිරීමේදී එම ඩිංගි යාත්‍රාව තුල ඇසුරුම් 10ක තිබූ නීති විරෝධී ලෙස රැගෙන ඒමට තැත් කල Pregabalin වර්ගයේ මත්පෙති 570,000ක තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු සහ එම ඩිංගි යාත්‍රාව මෙලෙස නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් වයස අවුරුදු 33 ක් හා 39 ක් වන නොරොච්චෝල ප්‍රදේශයේ පදිංචිකරුවන් බවටයි හඳුනාගෙන ඇත්තේ.

එම සැකකරුවන් දෙදෙනා සහ මත්පෙති තොගය වැඩිදුර විමර්ශණ කටයුතු සඳහා පුත්තලම මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාරදීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහ රෑ සංචාරකයින්ට තරු පෙන්නපු වන අලියා
01:01
Video thumbnail
කොටියව බේරගද්දි වෛද්‍යවරයාට නොසිතූ ප්‍ර#රයක්
01:03
Video thumbnail
"භූත කළුවා" ඝා#නය කිරීමේ සිද්ධියට සිව්දෙනෙක් කොටු
00:38
Video thumbnail
සජිත් හමුවෙන්න ආ විශේෂ අමුත්තෝ
00:58
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය
00:34
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න
01:02
Video thumbnail
ජනපති අනුර තම මව ගැන කිව්ව දේ - මගේ අම්මත් මේ රෝහලේ නේවාසිකව බෙහෙත් ගත්තා..අම්මව හොඳට බලාගත්තා
05:02
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය - මිනිස්සු වැස්සෙ තෙමීගෙන ජනපති ළඟට එයි
00:50
Video thumbnail
නාවලපිටියේ මාලිමා මන්ත්‍රීලා එකතුවෙලා සංවර්ධන ව්‍යාපෘති අරඹයි - කසළ බදුන් තියලා කට්ටිය Photo ගහයි
04:54
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න - කොහොමද වහින වැස්ස
01:11