Fly high Get bonus Aviator Phone

මත්ද්‍රව්‍ය සමග ඇල්ලූ සැකකරු ළග ආයුධ සහ දුරකථන

පොලිස් මෙහෙයුමකදී හෙරොයින් සමග අත්අඩංගුවට ගත් සැකකරුවෙකු සතුව තිබී ජංගම දුරකථන සහ අවි ආයුධ සොයාගෙන තිබෙනවා.

ලැබුණු තොරතුරකට අනුව වැටලීමක් සිදු කර මෙම සැකකරු ඊයේ සවස අලවතුගොඩ දුනුවිල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබුවේ හෙරොයින් ග්‍රෑම් 2යි මිලිග්‍රෑම් 70ක් සමගින්.

ඔහුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී නිවසේ තිබී ඇපල් වර්ගයේ ජංගම දුරකථන 9ක්, තවත් ස්මාර්ට් දුරකථන 11ක්, කුඩා ජංගම දුරකථන 9ක්, තහනම් පිහි 7ක්, දුරදක්න 2ක්, යුද හමුදා ජැකට් එකක්, ටී 56 පතුරම් 11ක් සහ මුදලින් රුපියල් 17040ක් මෙන්ම මත්ද්‍රව්‍ය පැකට් කිරීමට යොදා ගන්නා කුඩා හැඳි සහ ඉටි කවර කිහිපයක් සොයාගෙන තිබෙනවා.

මෙම පුද්ගලයා අකුරණ ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි අයෙක්.

ඔහු මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර අලවතුගොඩ පොලිසිය පරීක්ෂණ සිදු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

?