මත්ද්‍රවය භාවිතය නිසා වේගපන්දු යවන්නාට තරග තහනමක්

නෙදර්ලන්ත ජාතික වේග පන්දු යවන ක්‍රීඩක විවියන් කිංමාට මාස තුනක ක්‍රිකට් තහනමක් පනවා තිබෙනවා.

මත්ද්‍රව්‍ය සම්බන්ධව සිදුකළ පරීක්ෂණයක් මඟින් ඔහු කොකේන් මත්ද්‍රවය භාවිත කර ඇති බවට තහවුරු වීමත් සමඟ මෙම තහනම විවියන් කිංමා හට පනවා ඇති බවයි වාර්තාවන්නේ.

30 හැවිරිදි විවියන් කිංමා එම ද්‍රව්‍යය භාවිතා කළ බවට වරද පිළිගෙන ඇති බවයි පැවසෙන්නේ.

පසුගිය මැයි 12 වන දින උට්‍රෙක්ට් හි එක්සත් අරාබි එමීර් රාජ්‍යයට එරෙහිව පැවති එක්දින තරඟයෙන් පසු සිදුකළ පරීක්ෂණයකදී ICC තහනම් උත්තේජක විරෝධී නීති සංග්‍රහය යටතේ තහනම් ද්‍රව්‍යයක් ලෙස වර්ගීකරණය කරන ලද කොකේන් මත්ද්‍රවය ඔහුගේ ශරිරයේ ඇති බවට සොයා ගෙන තිබෙනවා.

මෙම තහනම අගෝස්තු මස 15 සිට ක්‍රියාත්මක වනවා..

තහනම සමඟ, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ එක්දින තරඟයෙන් පසු කිංමාගේ ක්‍රීඩා වාර්තා අවලංගු කර ඇති අතර එයට නේපාලය සහ ස්කොට්ලන්තයට එරෙහිව එක්දින තරඟ දෙකක් සහ ස්කොට්ලන්තයට එරෙහිව විස්සයි 20 තරඟයක් ඇතුළත් වන අතර, එහිදී ඔහු විසින් එම තරග තුළ ලකුණු 122 කට කඩුලු 2 ක් දවා ගෙන තිබෙනවා

පසුගිය මාස 12 තුළ මත්ද්‍රව්‍ය භාවිතය නිසා තහනමට ලක්‌වූ තුන්වන ක්‍රීඩකයා විවියන් කිංමා වන අතර මීට පෙර දකුණු අප්‍රිකාවේ කගිසෝ රබාඩා සහ නවසීලන්තයේ ඩග් බ්‍රේස්වෙල් යන දෙදෙනා ද මෙලෙස තහනමට ලක් වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මුළු රටම ආණ්ඩුවට එරෙහිව පෙළගැහෙනවා
11:50
Video thumbnail
කසාගල ඉවර කරන්න බෑ වෙන කාටවත්..ඉවර කරන්නේ මම - අපි කොහෙවත් මූල්‍ය පනත උල්ලංඝනය කරලා නෑ
15:46
Video thumbnail
තෙල් මිල අඩුවීම ගැන ඇමති අනිල් කියයි - ගබඩා කරගත්ත ඒවාගේ තියෙන්නේ වැඩි මිලට ගත්ත එක
01:19
Video thumbnail
යෝෂිත වෙනුවෙන් උසාවියට ආපු දේශපාලන ප්‍රබලයෝ
03:28
Video thumbnail
වාහන ආනයනයේදී අය කරන 15%ක බද්ද ගැන අනිල් ජයන්ත හෙළිකරයි - ආනයනය සීමා කරන්නේ නෑ අපි
03:42
Video thumbnail
පාස්කු ප්‍රහාරයට උඩගෙඩි දීපු අය තමයි දැන් කිඹුල් කඳුළු හෙළන්නේ
10:48
Video thumbnail
මනෝජ් එළියට ඇවිත් යෝෂිත ගැන කිව්ව දේ - ආණ්ඩුවේ ඊළඟ ඉලක්කය නාවික හමුදාපති කරන්නාගොඩ
06:25
Video thumbnail
ඇප දුන්නත් බස් එකටම නගින්න හදන යෝෂිත
00:30
Video thumbnail
ලාල් කාන්ත අද මාලිගාවල හැංගිලා - ආනන්ද පාලිත රිදෙන්නම දෙයි
18:31
Video thumbnail
ඇප දුන්නත් බන්ධනාගාර බස් එකටම නගින්න හදන යෝෂිත - "බස් එකේ නෙවෙයි සර්"
00:53