මඩකලපුවේ ලැඟුම්හලක දරුවන් දෙදෙනෙක් මියයාමේ සිද්ධියට පියා අත්අඩංගුවට

මඩකලපුව නගරයේ ලැඟුම්හලක ඇති වූ ගින්නකින් දරුවන් දෙදෙනෙක් මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් එම දරුවන්ගේ පියා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකාර පියාගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේ දී ඔහු පැවසූ පරස්පර කරුණු හේතුවෙන් ඔහුව මෙලෙස අත්අඩංගුවට ගැනීමටයි කටයුතු කර ඇත්තේ.

මෙලෙස අත්අඩංගුවට ගැනුණු සැකකරු මියගිය දරුවන් දෙදෙනාගේ මවට පිළිකාවක් වැළඳී ඇති බව පවසමින්, ව්‍යාජ හැඳුනුම්පතක් භාවිත කරමින් දරුවන් ලවා සිඟමන් යැදීමේ ජාවාරමක නිරත වී ඇති බව පරීක්ෂණවල දී අනාවරණය වී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

සිය බිරිඳට පිළිකාවක් වැළඳී ඇති බව පවසමින් ප්‍රදේශ කිහිපයකදීම සැකකරු සිඟමන් යැදීමේ නිරත වී ඇති අනාවරණය වී ඇත්තේ.

මේ අතර බිරිඳ පිළිකා රෝගයට ප්‍රතිකාර ලබන බව පැවසූ කරුණ ද අසත්‍යයක් බවත්, ඔහුගේ බිරිඳ වෙනත් ප්‍රදේශයක නිවසේ පසුවන බවත් මූලික පරීක්ෂණවල දී හෙළි වී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මඩකලපුව රෝහලේ පිළිකා රෝගයට ප්‍රතිකාර ලබන මව බැලීම සඳහා පියා සමඟ මෙම දරුවන් දෙදෙනෙක් බදුල්ලේ සිට මඩකලපුව නගරයට පසුගිය දා පැමිණ තිබුණා.

එහිදී ඔවුන් ලැඟුම්හලක නැවතී සිටියදී, එම ලැඟුම්හලේ ඇති වූ ගින්නකින් පසු දුමාරය ආග්‍රහණයවීම හේතුවෙන් අවුරදු 03 පිරිමි දරුවෙක් සහ පස් හැවිරිදි ගැහැණු දරුවෙක් ජීවිතක්ෂයට පත් වුණා.

මෙම සිදුවීම සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලදීයි ඉහත තොරතුරු අනාවරණය වී ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
4
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු ජනාධිපති නෙවෙයි ඔබතුමා හැමදාම මේ රටේ ජනාධිපති - මහින්ද හඳවතේ ජනාධිපති
02:41
Video thumbnail
දෙවිනුවර පෙරහැරේ කාවඩි නැටුම් ඉවත් කරන ලෙස පොලිස්පතිගෙන් නියෝග
01:42
Video thumbnail
ආණ්ඩුව හීනෙන් දකින්නෙත් නාමල් නාමල් කියලා - එක මිටට දුන්න අපි නැවත නිවැරදි තැනට ගේන්න ඕනි
04:59
Video thumbnail
අසිතගේ ප්‍රකාශයට ටිල්වින් උත්තර දෙයි - "විපක්ෂයේ අයත් ඔය බොරු කියන්නේ"
01:16
Video thumbnail
ටිල්වින් විපක්ෂයට සැරටම කියයි - "අපි තිබ්බ අඩිය ආය පස්සට ගන්නේ නෑ..කිසි අභියෝගයක් නෑ"
02:52
Video thumbnail
නාමල් රාජපක්ෂ ගැම්මට එද්දිම ඔළුව උඩින් ගිය මාළු පාන්...
00:17
Video thumbnail
ආණ්ඩුව පෝෂණය කරන අපරාධකාරයෝ නිදහසේ වෙ# තියනවා - නාමල් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
10:49
Video thumbnail
සුද්දට අයිස් විකුණන්න ගිහින් ජාත්‍යන්තරය ට ගිය අන්කල් - මොනවා කියනවද තේරෙන්නේ නෑනේ බන්
02:55
Video thumbnail
රථ පෙරහැරකින් ගැම්මට හෝමගමට ගිය නාමල් - අපේ රජතුමාට ජයෙන් ජයම වේවා..!
02:08
Video thumbnail
හිටපු ජනපති මහින්දගේ අතින් විවෘත වුණ සාමාධි පිළිමය - දිලිත්, රෝහිත ඇතුළු ප්‍රබලයින් රැසක්ම එයි
04:17