මඩකලපුවේ බැංකුවක ගින්නක් – දේපළ හානි සහ අලාභය තවමත් තක්සේරු කර නැහැ

මඩකලපුව නගරයේ පිහිටි පෞද්ගලික බැංකු ශාඛාවක අද (30) පෙරවරුවේ හදිසියේම ගින්නක් හටගෙන ඇති බව වාර්තා වනවා.

පෙරවරු 06ට පමණ බැංකු පරිශ්‍රයෙන් හදිසියේම කළු දුම සහ ගිනි ජාලා පිටවීම ප්‍රදේශවාසීන්ගේ නිරීක්ෂණයට ලක්ව ඇති අතර, ඔවුන් වහාම ගිනි නිවන අංශයට සහ පොලීසියට දැනුම් දීමට කටයුතු කර තිබෙනවා.

අනතුරුව මඩකලපුව මහනගර සභාවේ ගිනි නිවන ඒකකය අදාළ ස්ථානයට පැමිණ දැඩි උත්සාහයක් දරා ගින්න සම්පූර්ණයෙන්ම මැඩපවත්වා තිබෙනවා.

ගින්නට හේතුව විදුලි කාන්දුවක් බව මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

ගින්නෙන් සිදුවූ දේපළ හානි සහ අලාභය පිළිබඳ සම්පූර්ණ තක්සේරුවක් මෙතෙක් සිදුකර නොමැති අතර, සිද්ධිය සම්බන්ධයෙන් මඩකලපුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බන්ධනාගාර නිලධාරීන්ගේ ජීවිත නැතිවුණේ නිසි නායකත්වයක් නොතිබුණු නිසා
05:10
Video thumbnail
නියම සිංහල නායකයෙක් මේකේ පාලකයා වෙන්න ඕනි - එක මිටට දීලා හොඳටම කරගෙන තියෙන්නේ
07:46
Video thumbnail
"හාමුදුරුවරු නැගිට්ටොත් උඹලට යන්න තැන් නැතිවෙයි" - දේශපාලකයන්ට කට උත්තර නැති කළ සද්ධාතිස්ස හිමි
14:35
Video thumbnail
ගොවියා ඇවිත් ජනපති මන්දිරය වටකරන දවස වැඩි ඈතක නෑ - ගොවියා තමයි ඔයාලව විනාශ කරන්නේ
08:06
Video thumbnail
සජබ මන්ත්‍රීවරයෙක් ගිනි අවියක් සමඟ අත්අඩංගුවට - නිවසේ සිටියදී කොටුවෙලා
00:45
Video thumbnail
සැරයන් උපාලි කඹුරුපිටියම හඩවා නික්ම ගිය මොහොත - "අනේ අම්මේ නැගිටින්න කියන්නකෝ"
02:38
Video thumbnail
ජල ව්‍යාපෘතිය විවෘත කරන්න ආවේ රෙදි ඇඳගෙනද ?මෙයාලටත් ගෝඨාභයට වෙච්ච දේ වෙන්නේ
11:07
Video thumbnail
කත්නෝරුවේ හිමිගෙන් නාමල්ට ආශිර්වාද ලැබුණු මොහොත - හිනාවක් දාගෙන ලොකු කතාවක්
01:18
Video thumbnail
කත්නෝරුවේ හිමිගෙන් නාමල්ට ලැබුණු ආශිර්වාදය
00:59
Video thumbnail
අපේ රටට එල්නිනෝ එකක් එන්නේ නෑ ? - ඔක්කොම කුණු බෙංගාල බොක්කට කියලා එල්නිනෝ එකට දාන්න බෑ
08:26