“මගේ සැමියාට ඉතා ඉක්මනින් ධාතු පිටවීමක් සිදු වෙනවා”

දුම්පානය, මත්පැන් මෙන්ම මානසික ආතතිය සෘජුවම බලපායි…

ප‍්‍රශ්නය – වෛද්‍යතුමනි මගේ සැමියාට ඉතා ඉක්මනින් ධාතු පිටවීමක් සිදු වෙනවා, එයට බෙහෙත් මගින් විසඳුම් තිබේද?

ගල්නෑව – චාමලී

පිළිතුර – විසඳුම් තිබෙනවා. මෙය ක්ෂණික මෝචනය ලෙස වෛද්‍ය විද්‍යාවේ හඳුන්වනු ලබයි. මේ සඳහා බොන බෙහෙත් ආලේපන වර්ග යොදාගත හැක.

හෘදයාබාධ සහිත පුද්ගලයන් බොන බෙහෙත් පිළිබඳව ඔබගේ වෛද්‍යවරයා දැනුවත් කළ යුතුයි. තවද බොහෝ විට මානසික ආතතිය, අධික කාර්යබහුලත්වය වැනි තත්ත්ව මෙන්ම දියවැඩියාව සහ ස්නායු පද්ධතියේ ඇති දුර්වලතා නිසා ද මෙවැනි තත්ත්ව ඇති විය හැක.

මේ සඳහා සුදුසුකම් ලත් වෛද්‍ය උපදෙස් තුළින් සහ වඩාත් සුදුසු ලිංගික ඉරියව් යොදා ගැනීම මගින් ද මෙම තත්ත්වය මගහරවා ගත හැක.

ප‍්‍රශ්නය – වෛද්‍යතුමනි මාගේ යම්කිසි හේතුවක් නිසා කන්‍යා පටලය අහිමිව ඇත. එය නැවත ප‍්‍රතිස්ථාපනය කළ හැකිද ? කෙසේද ?

හම්බන්තොට – සුමාලි

පිළිතුර – කන්‍යා පටලය යනු කාන්තාවකගේ පාරිශුද්ධත්වයේ සංකේතයයි. නමුත් සමහර කාන්තාවන්ට එය උපතින්ම අහිමිව තිබිය හැකිය.

සමහර විට පාසල් කාලයේ ක‍්‍රීඩා තරග වැනි ක‍්‍රියාකාරකම්වලින් මෙන්ම නොදැනුවත්කමින් පැන්සල් කෝටු වැනි දෑ යෝනි මාර්ගයට ඇතළත් කිරීමෙන් ද, තරුණ වියේදී නොමනා ඇසුරකට ලක් වීමෙන් ද, අහිමි විය හැකිය.

ශ‍්‍රී ලංකාව වැනි සංස්කෘතිකමය වටිනාකමක් ඇති රටවල කන්‍යා පටලය අහිමි වීම කාන්තාවන්ගේ අනාගත දිවි පෙවෙත අඳුරු කිරීමට හේතු වේ. නමුත් යම්කිසි අවාසනාවන්ත තත්ත්වය යටතේ මෙවැනි කාන්තාවන්ට ඉදිරි අනාගතය බොඳවී යෑමට ඉඩ නොදී කන්‍යා පටලය ප‍්‍රතිස්ථාපනය කිරීමට විශේෂඥ පුහුණුව ලැබූ වෛද්‍යවරයකු හමු වී එය සිදු කරවාගත හැකිය.

ප‍්‍රශ්නය – මාගේ ලිංගික ප‍්‍රදේශයේ කැසීමක් නිතර ඇතිවේ. එයට බොහෝ ආලේපන වර්ග හා බෙහෙත් වර්ග පාවිච්චි කළ ද තවම සුවයක් නොමැත. වෛද්‍යතුමනි මේ සඳහා බලපා ඇති හේතුව කුමක්ද?

ගාල්ලේ – අසන්නියක්

පිළිතුර – දිලීර ආසාදන හා ලිංගාශ‍්‍රිත ප‍්‍රදේශයේ පී. එච්. අගයන් වෙනස් වීම හේතුවෙන් මෙම තත්ත්වයන් ඇති විය හැකිය. සෑමවිටම ලිංගාශ‍්‍රිත ප‍්‍රදේශ පිරිසිදුව හා වියළිව තබා ගැනීම ඉතා අත්‍යවශ්‍ය වේ. තවද කාන්තාවන්ගේ යට ඇඳුම් හොඳින් සෝදා හිරු රශ්මියේ වේලා ගත යුතුයි.

මෙම තත්ත්වය දිගින් දිගටම පවතී නම් සමහර විට දියවැඩියාව වැනි නිදන්ගත රෝගී තත්ත්වයක මුල් අවස්ථාවක් ද විය හැකිය. මෙය සාමාන්‍ය සරල ක‍්‍රම වලින් එනම් ආලේපන වර්ග වලින් සහ යහපත් චර්යාවන්ගෙන් සුව නොවේ නම් වෛද්‍ය උපදෙස් පැතීම අත්‍යවශ්‍යයි.

සමහර විට මෙය ලිංගාශිත රෝගවල ලක්ෂණයක්ද විය හැකිය. එබැවින් ඒ පිළිබඳ පරීක්ෂණ කොට ප‍්‍රතිකාර ගන්නේ නම් වඩාත් සුදුසුය.

ප‍්‍රශ්නය – වෛද්‍යතුමනි මා විවාහ වී මාස තුනකි. නමුත් මාගේ සැමියාගේ ලිංගය නිසි ලෙස ප‍්‍රාණවත් නොවීම මා හට මහත් ගැටලූවකි. මෙය ප‍්‍රතිකාර මගින් සුව කළ හැකිද?

පිළියන්දල – නදීශා

පිළිතුර – එදිනෙදා ජීවිත ක‍්‍රියාකාරකම් දුම්පානය, මත්පැන් මෙන්ම හා මානසික ආතතිය මේ සඳහා සෘජුවම බලපායි. තවද දියවැඩියාව, ස්නායු රෝග, කොඳු ඇට පෙළ ආශ‍්‍රිතව සිදුවූ හදිසි අනතුරු ආදී හේතු නිසාත් මෙම තත්ත්වය ඇතිවිය හැකිය.

මේ සඳහා පානය කරන ඖෂධ මෙන්ම ආලේපන වර්ග ද රාශියක් ඇත. මානසික ආතතිය සඳහා මනෝ වෛද්‍යවරයකු හමුවී ප‍්‍රතිකාර ලබා ගැනීම වඩාත් යෝග්‍ය වේ. වෛද්‍යවරයකු හමු වීම ඉතා වැදගත් වේ.

ප‍්‍රශ්නය – මාගේ වයස අවුරුදු 42. මාගේ ඩිම්බ මේරීම ප‍්‍රමාද බව වෛද්‍යවරුන් ගණනාවකගේ ප‍්‍රතිකාර මගින් තහවුරු කරගෙන ප‍්‍රකාශ කර ඇත. මා හට තවමත් දරුවන් නොමැත ඊට ප‍්‍රතිකාර තිබේද ?

නුවර – සඳමාලි

පිළිතුර – කාන්තාවන්ගේ වයස ඩිම්බ මේරීම කෙරෙහි සෘජුවම බලපාන අතර ඩිම්බවල ගුණාත්මකතාවය වයස වැඩි වීම සමග අඩු වී යයි.

මෙය කාන්තාවන්ගේ සරු භාවයට සෘජුවම බලපායි. තවද වයසට යෑම සමගම දියවැඩියාව අධි රුධිර පීඩනය වැනි රෝගී තත්ත්වයන්ට කාන්තාව ලක්වීමේ අවදානම ද වැඩි වන බැවින් මේ හේතුවෙන් දරුපල සාක්ෂාත් වීම ප‍්‍රමාද වන අතර දරු පිළිසිඳ ගැනීමක් සිදු වුවහොත් දියවැඩියාව අධි රුධිර පීඩනය වැනිරෝගී තත්ත්ව සඳහා භාවිතා කරන සමහර ඖෂධ වර්ග වලින් කලලයේ වර්ධනයට අහිතකර බලපෑම් ඇති විය හැක.

තවද කාන්තාවන්ගේ වයස අවුරුදු හතළිහ ඉක්මවීමත් සමඟ ාදඅබි ිහබාරදපැ වැනි ජානගත ප‍්‍රශ්න ඇති දරුවන් ඇතිවීමේ ප‍්‍රවණතාවය ද ඉහළ යා හැකිය.

එබැවින් වයසට ගොස් විවාහ වන කාන්තාවන් හැකි ඉක්මණින් වෛද්‍යවරයකු ලවා පරීක්ෂා කරවා ගෙන ඉතා ඉක්මනින් තමාගේ දරු සම්පත සාක්ෂාත් කර ගැනීම ඉතා වැදගත් වේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
174
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අභිරහසක් ඉතිරි කර පිළිස්සී එළොව ගිය වයෝවෘද්ධ කාන්තාව..
01:01
Video thumbnail
නාමල් ගිහින් හිටපු නගරාධිපති ජාලියෝට දුන්න සුපිරි Birthday Surprise එක..මචන් මටත් කේක් කෑල්ලක්
02:07
Video thumbnail
අවුරුදු උත්සවයට ගිය පිය පුතු ගමන රෝහලෙන් නතර වුණ හැටි..ත්‍රීවීල් එකක් දුම්රියක ගැටෙයි
01:05
Video thumbnail
රටේ ජාතික මූල්‍ය ආරක්ෂාව අනතුරේ..හිටිහැටියෙම මුදල් වාෂ්ප වෙන්න ඉඩ දෙන්න බෑ
08:06
Video thumbnail
දක්ෂිණ අධිවේගී මාර්ගයේ සේවා පෙදෙසේ AC එකක්වත් වැඩ නෑ..මිනිස්සු හූරන් කන ආකාරයට මුදල් අය කරන්නේ
01:42
Video thumbnail
එළොව ගිය සහකාර අධ්‍යක්ෂකවරයා ගැන හර්ෂ සංවේදී වී කිව්ව දේ..සියලුම සාමාජිකයින්ට කම්පනයක් වුණා
00:57
Video thumbnail
"ඔව් දැවැන්ත හොරකමක් වෙලා තියෙනවා"අහිමිවුණ ඩොලර් මිලියන 2.5 ගැන හර්ෂගෙන් ප්‍රබල හෙළිදරව්වක්..
08:39
Video thumbnail
රටේ ඉතිහාසය අලුත් කරන මැයි දිනයක් බවට මේක පත්වෙනවා..21ම ඉතාම ඉහළින් සාර්ථක වෙනවා
06:20
Video thumbnail
මුළු කොලඹම කැළඹෙයි - බලය පෙන්නන්න හදන පරණ සෙල්ලම ආයෙත් එළියට
04:10
Video thumbnail
ඥානසාර හිමිගෙන් ක්‍රිකට් ආයතනය ගැන ඇස් උඩයන හෙළිදරව්වක් - මට හෙට තව නඩුවක් වැටෙයි
02:29