spot_img
AFC Banner
Empty Ad
Empty Ad

භාණ්ඩ රැසක ආනයන සීමා ලිහිල් කරනවා – මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය

තවත් භාණ්ඩ රැසක ආනයන සීමා ලිහිල් කිරීමට ඉදිරියේ දී පියවර ගන්නා බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ රේගුවේ අපේක්ෂිත ආදායම් ඉලක්ක සපුරා ගැනීම සඳහා එය ද පිටිවහලක් වනු ඇති බවය.

රේගුවේ වසරේ ආදායම් ඉලක්ක පිළිබඳ සමාලෝචන රැස්වීමකින් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් අමාත්‍යවරයා අද (18) මේ බව කියා සිටියේ ය.

රේගුව වෙත පළමු මාස තුන සඳහා ලබා දී ඇති ආදායම් ඉලක්කය රුපියල් බිලියන 270කි. එහෙත් එම කාලය තුළ ලැබී ඇති ආදායම අපේක්ෂිත ආදායමට වඩා 12%ක අඩුවක් දක්නට ලැබෙන බව අමාත්‍යවරයා පෙන්වා දෙයි. මේ සඳහා ප්‍රධාන වශයෙන් භාණ්ඩ ආනයන සීමා පනවා තිබීම හේතු වූ බවයි අමාත්‍යවරයා පවසන්නේ.

2021 වසරේ දී භාණ්ඩ 485ක් 2022 වසරේ දී භාණ්ඩ 750ක් සඳහා ආනයන සීමා පැනවිණි. එසේ ම මාර්තු මාසයේ ඩොලරයේ අගය පහළ යාම ද ආදායම් ඉලක්ක කරා ළගා වීමට නොහැකි වීමට හේතු වූ බවයි අමාත්‍යවරයා පවසන්නේ.

එබැවින් නුදුරේ දී දැඩි විමසිලිමත්ව අදාළ සීමා ලිහිල් කිරීමට කටයුතු කරන බවත් විශේෂයෙන් ම මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුව ලබා දෙන නිර්දේශ මත අදාළ තීරණ ගැනීමට සිදු කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?