බෞද්ධ හා පාලි සරසවි සිසුන්ට කඳුලු ගෑස් ප්‍රහාරයක්

බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලය විවෘත කරන්නැයි ඉල්ලා එම විශ්ව විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය හෝමාගම පිටිපනදී අද (22) පස්වරුවේ පැවැත්වූ විරෝධතාවය විසුරුවා හැරීමට පොලිසිය කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

මාර්ගයේ අට්ටාලයක් සාදා මෙම විරෝධතාවය ආරම්භ කළ අතර පොලිසිය අට්ටාලය ගලවා ඉවත් කිරීමට යාමේදී යි පොලිසිය හා සිසුන් අතර උණුසුම් තත්ත්වයක් හට ගත්තේ.

පොලිස් කැරළි මර්දන කණ්ඩායම් සහ ,අධි පීඩන ජල ප්‍රහාරක රථ ද එම ස්ථානයට කැඳවා තිබුණා.

උණුසුම් තත්වය හමුවේ පොලිස් නිලධාරීන් ජල හා කදුලු ගෑස් ප්‍රහාර එල්ල කර ශිෂ්‍ය භික්ෂූන් අතුලු සිසුන් එම ස්ථානයෙන් ඉවත් කිරීමට පියවර ගත් බවයි අප වාර්තාකරුවන් කියාසිටියේ.