spot_img
AFC Banner
Empty Ad
Empty Ad

බෝබුරු ඇල්ල-ගලහගම මාර්ගයේ වෑන් රථයක් අනතුරට පත්වෙයි

ඌව පරණගම, බෝබුරු ඇල්ල-ගලහගම මාර්ගයේ වෑන් රථයක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයන් 06 දෙනෙකු පමණ තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

මොනරාගල ප්‍රදේශයේ සිට බෝබුරු ඇල්ල නැරබීමට පැමිණි පිරිසකුයි මෙසේ අණතුරට ලක්ව ඇත්තේ.

කාර්මික දෝෂයකට ලක්ව ඇති මෙම වෑන් රථය බෝබුරු ඇල්ල දෙසට පල්ලම් සහිත මාර්ගයේ නතර කර ගැනීමට නොහැකිව ඉදිරියට ඇදී ඇවිත් ඇති අතර රියදුරු වෑන් රථය අතුරු මාර්ගයකට පාලනය කර ගැනීමට නොහැකිව හරවා තිබෙන අතර වෑන් රථය වේල්ලක වැදී අනතුරකට ලක්ව නතරව ඇතැයි මූලික පොලිස් පරීක්ෂණ වල දී හෙළිව ඇත.

තුවාල කරුවන් අතර කාන්තාවන් තිදෙනෙකුද සිටින බව වාර්ථා වන අතර තුවාල කරුවන් ඌව පරණගම රෝහලට ප්‍රතිකාර සදහා ඇතුලත් කර තිබෙනවා.

සිද්ධිය පිළිබදව අඔගස්දෝව පොලීසිය වැඩිදුර පරීක්ෂන සිදු කරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?